තවත් එක් දවසක්... Amalda එයාගේ ඇදෙ ඉඳ ගත්තා...." සුබ උදෑසනක් මිස් Amalda.. වෙලාව හතයි විසි තුනයි... ඔයාගේ ලෙක්චර්ස් පටන් ගන්න තියෙන්නේ උදේ දහයට...
තව පැය දෙකයි විනාඩි තිස් හතක් ඔයාට තියනවා... ඊයේ දවසෙත් ඔයාගේ Assignments වලට ඔයා වැඩි අවධානයක් දුන්න නිසා මං හිතන්නේ මේ උදේ ඔයාගේ ව්‍යායාම ගැන හිතුවොත් හොඳයි....
මිසිස් දියානා එයාගේ excise Program අලුත් වීඩියෝ එකක් වෙබ් එකට දාලා තියනවා.. "
Amalda ගේ අපාර්ට්මන්ට් එකේ ඉන්න AI රොබෝ වුන ඈශ් කිව්වේ Amalda අවදි වුන බව දැක්ක නිසා....
" ඈශ් මට මාම්ගේ 2022 රිපෝට්ස් ටික පෙන්නන්න..."
" මිස් Amalda ඒ දේ මේ වෙලාවේ කරන්න බෑ.. ඔයා ඊයෙත් ගොඩක් මහන්සි වුණ නිසා අද උදේ වරුව ඔයාගේ මනසට සැහැල්ලුවක් ගේන දෙයක් කරන්න..."
" ආශ් ඔයත් නිකං... ආහ්..."
ටිකක් තරහින් වුනත් Amalda ඇදෙන් බැහැලා වොශ් රූම් එකට දිව්වා... බ්‍රශ් එක අරන් දත් මදින්න පටන් ගත්තා...
" මිස් Amalda ඔයා මීට වඩා ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන්න ඕන... ඔයාගේ නින්ද ප්‍රමාණාත්මක නෑ... ඒ වගේම ආහාර රටාව.. ඒකත් වෙනස් කරන්න ඕන.. "
එයාගේ AI රොබෝ කිව්වා...
Amalda එයාගේ උදේ වරුව ව්‍යායාම කරන්න යොදා ගත්තා... Amalda ගොඩක් කැමති වුණේ යෝගා කරන්න...
පැයක excise return එකෙන් පස්සේ Amalda ආවේ එයාගේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න.. ටෝස්ට් කරපු බ්‍රව්න් බ්‍රෙඩ් එක්ක ඇවකාඩෝ සැලඩ් එකක්... තව කැරට් ජූස්....
ඩසට් එකට බ්‍රව්නිස්....
" ඈශ් මට තව බ්‍රව්නිස් ටිකක් දෙන්නකෝ..."
" මිස් Amalda මේ වේලට නියමිත ප්‍රමාණය ඒක.. මේ ටික විතරයි මට ඔයාට දෙන්න පුළුවන්...."
" හ්ම්...."
බ්‍රෙක්ෆස්ට් එක අරගෙන Amalda උදේම ගියේ එයාගේ පුංචි ලැබ් එකට.. පුංචි කිව්වට ඒක ඒ තරම් පොඩිත් නෑ....
" ඈශ් මාම්ගේ 2022 රිපෝට්ස් ටික පෙන්නන්න"
" මිස් Amalda මිසිස් කිම් 2022 රිපෝටස් හදලා තියෙන්නේ බ්ලැක් හෝල් ගැන නම් නෙවෙයි..."
YOU ARE READING
|| THE CLONE || ✓
FanfictionAmalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ...