Chapter 2

310 55 9
                                    




ජියොන් ජන්ග්කුක් හිටියේ තමන්ට ඉස්සරහින් තියන මිරර් එක දිහා බලන ගමන්.සති දෙකකට කලින් අන්තිම පාරට කපපු එයාගේ කොණ්ඩේ දැකලා එයාටම හිනා ගියා.....


" ජස්ට් ලයික්....අහ් අයි ඩෝන්ට් නෝ.... "


ජන්ග්කුක් ආයෙම එයාටම හිනා වුණා....


" මොකෝ කොල්ලෝ තනියම හිනා වෙන්නේ "


ජන්ග්කුක් තනියම හිනාවෙන විදිහ දැක්ක ජන්ග්කුක් ගේ කාමරේට ආපු ජූන් ඇහුවේ අතේ තිබ්බ ෆයිල් එකත් පැත්තකින් තියලා....



" ආශ් හියුන් මං මේ විදියට දැක්කම මට ම හිනා යනවා අනේ..... බලන්නකෝ...."


ජන්ග්කුක් එයාගේ කොණ්ඩේ ඇල්ලුවා...


" ජන්ග්කුකා ඔයා මිලිටරි ගිහින් ඇවිත් තාම සතියයිනේ... ඔහොම ඉන්න තව ටික දවසක් යද්දි ඔය කොණ්ඩේ වැවෙයි..... "


" ආහ් හ්ම් "

ජන්ග්කුක් කට ඉරක් වගේ හදා ගත්තා. ඒ අතරේ නම්ජූන් එයා ගෙනාපු ෆයිල් එක පෙරළන්න ගත්තා....

" ජන්ග්කුකා අපේ ඊළඟ කම්බැක් එක තියෙන්නේ ලබන ජූනි වල...මේ පාර ෆෙස්ටා එකත් එක්කම අපේ කම්බැක් එක කරමු කියලා තමයි හිතන් ඉන්නේ..අවුරුදු තුනකට පස්සේ ආය අපි එකතු වෙන්නේ...."


" ඒක හොඳයි හියුන්..මේ පාර අපි මොකද කරන්නේ ... "


" මේ පාර අපි අලුත් දෙයක් කරමු.ඔයා පොඩ්ඩක් මේ ගැන බලන්නකෝ.අපි ලබන සතියේ වැඩ පටන් ගන්නවා...."


නම්ජූන් එයාගේ අතේ තිබ්බ ෆයිල් එක ජන්ග්කුක් ගේ අතට දීලා කාමරෙන් එලියට ගියේ ඒකත් බලන්න කියන ගමන්... ෆයිල් එක අතට අරගෙන ජන්ග්කුක් ඇඳේ පෙරලුනේ එයාට දැනුන නැවුම් හැඟීම් හින්දා.....

ඒක හරියට එයාලගේ පලවෙනි වතාව වගේ. අවුරුදු කීපයකට පස්සේ තමන්ගේ රසිකයන් ඉස්සරහට යන එක... ජන්ග්කුක් ඒ හැඟීම ආයෙම ඕන වුණා....



<>





සතියකට පස්සේ ආපහු හැමෝම bighit ආයතනයට එකතු වුණේ එයාලගේ ඊළඟ කම්බැක් එකට වැඩ කරන්න.....


|| THE CLONE || ✓Where stories live. Discover now