" හරි Amalda ඔයා ලෑස්ති නේද "" ඔව් හනා... "
" යූජින් මුලින්ම ඔය රොබෝව ඇක්ටිව් කරන්න.. එයාව ඕක උඩින් තියන්න... "
කාල යන්ත්‍රය ගාව හිටගෙන ඉන්න යූජින්ට Amalda උපදෙස් දුන්නා... එයාලා මේ ලෑස්ති වෙන්නෙ Amalda ගේ කාල යන්ත්‍රයෙන් අතීතයට යන්න...
එදා දවසේ හැමදේම සූදානම් කරලා තිබුණේ ඒ වෙනුවෙන්... එයාලා සතියක් විතර මේ වෙනකොට යුනි එකට ගිහින් තිබුණෙත් නෑ.. ඒ වෙනුවට ගෙදර ඉන්න මගහැරුණු පාඩම් කොටස් එයාලා සම්පූර්ණ කර ගත්තා...
Amalda ට නම් කරන්න කිසි දෙයක් තිබ්බේ නෑ.. මොකද එයා ඒ දේට දක්ශ නිසා.. හිනා යූජින් දෙන්නට සමහර පාඩම් කියලා දෙන්නත් Amalda අමතක කරේ නෑ...
යූජින් හනා සමහර තැන් වලදී පුදුම වුණා Amalda ගේ හැකියාව දැකලා... එයා ඒ තරම් දක්ෂයි...
" හරි යූජින් අපි අපේ ෆස්ට් ට්‍රයි එක විදියට 1978 Paris වලට ට්‍රුවල් කරමු... "
හනා උද්යෝගිමත් විදියට කියද්දී Amalda එයා දිහා බලලා හිනා වෙලා ඔළුව වැනුවා...
" ඈශ් මේ රොබෝ දැන් ඇක්ටිව් ඔයා එයාට කනෙක්ට් වෙන්න... ඒ වගේම මේ ගමනේ ෆුල් රෙකෝඩ් එකක් ගන්න... "
" හරි මිස් Amalda... "
" හරි යූජින් මෙතනට එන්න.. ඉක්මනට මේක දාගන්න "
කාල යන්ත්‍රය ගාවින් ආව යූජින් හනා අතේ තිබ්බ විශේෂ ඇස් ආරක්ශනය Amalda පෙන්නුවා... යූ ජින් ඉක්මනට ඒක දා ගත්තා...
" ඕකේ Amalda "
" Amalda ටයිම්, ප්ලේස් සෙට් කරන්න "
හනා කියනකොට ඒ සැනින් Amalda එයාගේ ඉස්සරහ තිබුණු glass wall එකේ තිරයෙන් අදාල තොරතුරු සම්පූර්ණ කරා...
Time : 09:00 A.M.
Date : 1978 January 25
Place: Paris, France
Period: 10 minutes
තිරයෙන් ඒ විදිහට පෙන්වද්දී Amalda හැරුණේ එයා දිහා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න හනා යූජින් දෙන්නා දිහාවට..
තමන් දිහා බලන Amalda ව දැක්ක ඒ දෙන්නා සිහින් හිනාවක් එක්කම ඔවුන් හෙලෙව්වේ ඒක කරන්න කියලා කියන ගමන්...
YOU ARE READING
|| THE CLONE || ✓
Fiksi PenggemarAmalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ...