" ඈශ් හැමදේම ලෑස්ති නේද "
" ඔව් මිස් Amalda.. මං කවුන්ට් කරන්නම් මිස් Amalda දැන් ටයිම් මැශින් එකට යන්න.. "
" හරි.. "
Amalda විශේෂ ඇඳුම, Invisible suit එකත් ඇඳගෙන කාල යන්ත්‍රය ළඟ හිටගෙන හිටියා.. ඈශ් කිව්වට පස්සේ එයා හෙමීට කාල යන්ත්‍රය ළඟට ගියා..
" මිස් Amalda සෙනඟ මැද්දේ ඔය හෙල්මට් එක නම් ගලවන්න එපා තේරුනා ද .. කලබල නොවී සන්සුන් වෙලා වැඩ කරන්න.. "
" ම්ම් හරි "
" ඇත්තටම මිස් Amalda ඔයා ඇයි මේ පාර මේ වගේ තැනක් තෝරගත්තේ... බැරිවෙලාවත්.. "
" හ්ම් ඔයා හිතන එක තමයි... "
Amalda හිනා වෙලා ඈශ් දිහා බලන් හිටියා..
" මිස් Amalda පුළුවන් තරම් ඒ කාලේ වෙන දේවල් වලට බලපෑම් නොකර ඉන්න උත්සාහ කරන්න...
හැමවෙලේම මතක තියාගන්න ඔයා ඒ කාලයට අයිති කෙනෙක් නෙවෙයි කියලා. පුළුවන් තරම් නොපෙනී ඉන්න උත්සාහ කරන්න..
ඒ වගේම හැමවෙලේම මාත් එක්ක කනෙක්ෂන් තියාගන්න.. මට පුළුවන් ඔයාව ගයිඩ් කරන්න... "
" හරි ඈශ්... "
Amalda කාල යන්ත්‍රයට ඇතුලු වුණා... Amalda වටේට විශේෂ ආවරණය වැටෙනකොට ඈශ් කවුන්ට් කරන්න පටන් ගත්තා...
5
4
3
2
1
Launch
ඈශ් කවුන්ට් කරලා අවසානයේ විශාල දෙදරුමක් එක්ක ඇතිවුන කුහරයට Amalda ඇතුළු වුණා...
ටික වෙලාවකින් Amalda හිටියේ ලොකු ක්‍රීඩාංගණයක් ඇතුලේ... හරියට ම කිව්වොත් යම් කිසි ලොකු තිරයක් පිටි පස්සේ...
එයා දැක්කා මිනිස්සු කලබලයෙන් එහාට මෙහාට යනවා...
තිරය පිටිපස්සෙන් එළියට ආව Amalda දැක්කේ තවමත් මිනිස්සු ඒ ක්‍රීඩාංගනයට ඇතුළු වෙන විදිහ ගැන...
YOU ARE READING
|| THE CLONE || ✓
FanfictionAmalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ...