Amalda ලොකු හුස්මක් ගත්තේ ජන්ග්කුක් ව එයාගේ අත් අතරේ තියාගෙනයි.." මට සමාවෙන්න ජන්ග්කුක්.. ඔයාව බේරගන්න තියෙන්නේ මේ විදියට නම් මං ඒ දේ කරන්න දෙපාරක් හිතන්නේ නැහැ... "
අමාරුවෙන් වුනත් එයාගේ අත් වලින් ජන්ග්කුක් ව උස්සගෙන Amalda ජන්ග්කුක් ව එයාගේ ඇදෙන් තිබ්බා.. ජන්ග්කුක් හිතනවට වඩා බර නිසා Amalda ට ටික වෙලාවක් ගියා එයාව ඇදෙන් තියන්න...
" මට මමාවත් මගේ යාළුවෝ වත් (ARMY), එතකොට ඔයාගේ අයියලාවත් (BTS ) අඬනවා බලන්න බෑ ජන්ග්කුක්... මං කොහොම හරි ඔයාව ජීවත් කරවනවා "
Amalda ජන්ග්කුක් ව ඇඳෙන් තියලා ඩුවට් එකෙන් පොරවලා එලියට ආවා.. එයාට අද දවස ඉවර වෙනකන් නෑ නෑ ජන්ග්කුක් ගේ රිය අනතුර වෙන්න තියන වෙලාව පහු වෙනකම් Amalda රැඳිලා ඉන්න ඕන..
කොහොම හරි ඒ වෙලාවට ජන්ග්කුක් එතනට යන එක නවත්වන්න ඕන...
Amalda හිටියා.. එයාට ඇහුනා ජන්ග්කුක් ගේ කලමණාකරු ගේ දුරකථනය නාද වෙන හඬ.. එයා කලමණාකරුත් සාලේ සෝෆා එකෙන් උස්සලා තිබ්බා..
" මිස් Amalda ජන්ග්කුක් සර් ගේ ඇක්සිඩන්ට් එක වෙන්න තිබ්බ ටයිම් එක පහු වෙලා තියෙන්නේ.. මං හිතන්නේ දැන් අපිට 2045 ට යන්න පුළුවන්... "
ඈශ් කියද්දී සෝෆා එකේ වාඩි වෙලා හිටපු Amalda එතනින් නැගිට්ටා..
" ඈශ් ජන්ග්කුක් ගේ තත්වය කොහොමද.. "
" තව ටිකකින් සිහිය එයි මිස් Amalda.. මිස් කිව්ව ඩෝස් එකෙන් තමයි මං ඩ්‍රග් එක ගත්තේ... "
" හ්ම් එහෙනම් අපි යමු... "
<>
" නෑ මේ__ මේක වෙන්න බෑ. ජ_ න්ග්කුක් එ_ යා__ "
Amalda හිටියේ එයාගේ විද්‍යාගාරයේ ඇතුලේ පේන වීදුරු තිරය දිහා බලාගෙන.. ජන්ග්කුක් ට එලියට යන්න නොදී එයාව නවත්තපු Amalda වෙලාව ඉවර වුනාම ආපහු එයාගේ කාලයට ආවේ ජීවත් වන ජන්ග්කුක් ගැන දැනගන්න ආසාවෙන්..
' ජන්ග්කුක් ජොන් ගේ අභිරහස් මරණය '
ආව ගමන් ජන්ග්කුක් ගැන අන්තර්ජාලයේ හොයපු Amalda ට දකින්න ලැබුණේ ඒ වාර්තාව..
YOU ARE READING
|| THE CLONE || ✓
FanfictionAmalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ...