" ආහ් මේ මේක පොඩ්ඩක් බලන්නකෝ... "
Amalda බොරුවට කෑ ගැහුවා.. ඇත්තටම කිව්වොත් එයා හිටියේ ටිකක් කලබල වෙලා.. ඒ නිසා එයා කරන වැඩේට දිගටම අවධානය දෙන්න එයාට ටිකක් අමාරු වුනා...
" මිස් Amalda.. මේකේ ෆෝල්ට් එක තියෙන්නේ මෙන්න මේ ඒරියා එකේ... "
ඈශ් කියද්දී Amalda එයාගේ ඇඳුම අතට ගත්තා.. ඒත් එක්කම පොඩි වෙලාවකට ඈශ් එක්ක තිබුණු සම්බන්ධතාවය ගිලිහිලා ගියා..
Amalda එයාගේ සම්පූර්ණ අවධානය එයාගේ ඇඳුමේ වැරැද්ද හදන්න යෙදුවේ තමන්ව වෙන කෙනෙක් දකින්න කලින් ආපහු වේදිකාවට යන්න ඕන නිසා....
ඒත් Amalda ට දැනුනා තමන්ව වැහිලා තිබුණු තිර රෙද්ද එතනින් එහා මෙහා වෙනවා වගේ ම අඩි සද්දයක්..
Amalda ඒත් එක්කම පිටිපස්ස හැරුණේ එතන කවුද ඉන්නේ බලන්න.. තමන්ගේ ඉස්සරහ ඇසුත් ලොකු කරගෙන පුංචි විදුලි පංකාවක් අතේ තියන් ඉන්න කෙනාව දැක්කම Amalda ගේ ඇස් ලොකු වුණා...
" ඔ__ ඔයා "
ඒ කෙනා සිහින් හඬින් මුමුණද්දි Amalda තවත් බයෙන් පිටිපස්සට ගියා.. එයා නොසන්සුන්.. ගොඩක් නොසන්සුන්..
ඒත් එක්කම ඈශ් එක්ක ගිලිහිලා තිබුණු සම්බන්ධතාවය යතා තත්ත්වයට පත් වුණා..
" මිස් Amalda ඔයා ෆෝල්ට් එක___ ඔහ් නෝ "
සම්බන්ධතාවය නැවත ලැබීමත් එක්ක ඈශ්ටත් Amalda දකින දේ දකින්න පුළුවන් වුණ නිසා එකපාරටම එයා කිව්වා.. එයාට දැනුනා දැන් Amalda ඉන්නේ කලබල වෙලා කියලා...
" මිස් Amalda ලිසින් ටු මී.. ඕකේ.. ඔයා හොඳ හුස්මක් ගන්න.. ප්ලීස් කලබල වෙන්න එපා.. "
එකපාරටම කරන්න ඕන දේ එයාට හිතාගන්න බැරි වුණ නිසා Amalda එක එල්ලේ ජන්ග්කුක් දිහා බලාගෙන හිටියා...
ජන්ග්කුක් එයත් හිටියේ පුදුම වෙලා.. මීට ටික දවසකට කලින් එයාගේ ඉස්සරහ හොල්මන් කරපු ඒ කෙල්ල අද එයාගේ ප්‍රසංග වේදිකාවේ ඉන්නවා..
ජන්ග්කුක් ට Amalda ඇස් හොඳට මතක තිබුනා.. Amalda ට තිබුණේ තද කළු පාට ඇස් දෙකක්... ඉතිං ඒකම පහසුවක් වුණා ජන්ග්කුක් ට Amalda ව අඳුරගන්න...
YOU ARE READING
|| THE CLONE || ✓
FanfictionAmalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ...