" ඒ කියන්නේ මමා හැම වෙලාවෙම කියන එයාගේ ෆියොන්සේ තමයි ඔයා... "
Amalda මිමිනුවත් ඒක ජන්ග්කුක් ට ඇහුනේ නෑ.. ජන්ග්කුක් එයාගේ ආදර කතාව Amalda එක්ක බෙදා ගත්තත් Amalda නම් හිටියේ ඒ කතාව අහන සිහියක් නෙවෙයි..
" Amalda ඔයා මින්සුව දන්නව ද "
ජන්ග්කුක් අන්තිමට අහනකොට Amalda නෑ කියලා උත්තර දුන්නා.. Amalda හොඳටම දන්නවා මින්සු කියන්නේ කවුද කියන්න.. ඒත් Amalda ට ඕන වුණේ නෑ ජන්ග්කුක් ට ඒ ගැන කියන්න..
මොකද ඒ ගැන කිව්වොත් ජන්ග්කුක් ඊළඟට යොමු කරන ප්රශ්නය ගැන Amalda හොඳටම දන්නවා...
" ඔයා එයාව දන්නේ නැද්ද... කිම් මින්සු කියලා කෙනෙක් ඉතින් ඔයා කොහොම දැන් ගන්න ද..
ඒක නෙවෙයි 2045 දි BTS ලට මොකද වෙලා තියෙන්නේ... අපි ඉන්නේ 2027 දි ඩිස්බෑන්ඩ් වෙන්න තමයි..
අපි වයසට ගිහින් ඇති නේ.. "
ජන්ග්කුක් හිනාවෙවී Amalda ගෙන් ඇහුවත් Amalda ට බෑ ඒකට උත්තරයක් දෙන්න.. එයා කොහොමද කියන්නේ 2026 වෙනකොට තමන්ගේ ඉස්සරහ මේ ඉන්න ජන්ග්කුක් රිය අනතුරකින් මේ ලෝකේ අත් ඇරලා යනවා කියලා...
එතනින් පස්සේ තවදුරටත් BTS සංගීත කණ්ඩායම නැති වෙනවා කියලා.. Amalda ට බෑ ඒ ගැන කියන්න...
" සමාවෙන්න ජන්ග්කුක් මට ඒ ගැන කිසිම දෙයක් කියන්න බෑ.. "
කිම් මින්සූ දැක්ක වෙලේ ඉඳන් Amalda ගේ වෙනස ජන්ග්කුක් ට තේරුනත් ඒ ගැන එයා අහන්න ගියේ නෑ.. ඉතින් මේ පිලිතුරෙන් පස්සේ ජන්ග්කුක් නිහඬ වුණේ Amalda ගෙන් ඒ ගැන අහන්න යන්නේ නෑ කියලා හිතන ගමන්...
" ඉතිං ජන්ග්කුක් අද මුකුත් නිවාඩු නේද.. මොකද කරන්නේ "
" මං වෙනදට නම් මින්සු බලන්න යනවා.. ඒත් අද ඔයා හින්දා යන්න බෑනේ... "
" ඇයි "
" ඔයාව කොහොමද මේ ඩෝම් එකේ තියලා යන්නේ.. "
" එහෙනම් මාවත් අරගෙන යන්න.. ඊයේ මං ආවේ රෑ අටයි තිස් පහට හින්දා අද ටයිම් මැශින් එක ඇක්ටිව් වෙන්නේ ඒ වෙලාවට තමයි.. "
YOU ARE READING
|| THE CLONE || ✓
Hayran KurguAmalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ...