Still with you
( තවමත් ඔබ සමග )
" ඒක හරිම වේදනාකාරී මතකයක්... අදටත් මට හිතාගන්න බෑ ජන්ග්කුක් අපි ළඟ නෑ කියලා... "
කතාව අවසානයේ ජිමින් හඬාවැටුණෙ අනිත් අයගේ ඇස් වලටත් කඳුළු එකතු කරලා.. ජින් ජිමින් ව හග් කරා.. ඒත් එයාගේ ඇස් වලින් තවමත් කදුළු වැටෙනවා..
ටේහියුන් කණ්ඩායමේ සංවේදී කෙනා, එයත් හොඳට ඇඬුවේ එයාගේ ආදරණීය පුංචි සහෝදරයා ගේ අතීත මතක එක්ක මොහොතක් හිර වුණ නිසා....
" ඇත්තටම මිස්ටර් ජිමින් ෆෑන්ස්ලා විදියට අපිටත් ගොඩක් දුකයි.. ඒත් දෛවය කියන්නේ දෛවයම තමයි. අපිට ඒ දේ වෙනස් කරන්න බැහැ.. "
යූ ජින් ගේ අම්මා ජිමින් දිහා කණගාටුව පිරුණු ඇස් වලින් බැලුවා..
එයාලා හරිම ලස්සනයි.එකට ඉන්නකොට පොඩි පවුලක් වගේ... ආදරය, රැකවරණය ඒ හැමදේම එයාලා අතරේ තියෙනවා.. ඒක ගොඩක් වෙනස්.. ඒ වගේම ලස්සනයි.... ඒකට ඉන්න වෙනස් ලස්සන සහෝදරයෝ හය දෙනෙක්.. ඒත් හත්වෙනියා.. එයා නැති නිසා තමයි මේ... එයත් එක්ක හිටිය නම් එයාලා මීට වඩා සතුටින් ඉන්න තිබුණා....
" ටේ අඬන එක නවත්තන්න.. බලන්න මේ ළමයින්ට එපා වෙන්නත් ඇති අපි මෙතන අඬන කොට... "
" අපිට ඔයාලව තේරුම් ගන්න පුළුවන් මිස්ටර්.. ඒ ඔයාලා හැමෝගෙම සහෝදරයා... "
ජින් කියද්දී යූජින් උත්තර දුන්නා... ටේහියුන් කඳුළු පිහදලා අනික් අය දිහා හිනා වෙලා බැලුවත් ඒ ඇස් වල තියන වේදනාව හංගන්න එයාට බැරි වුණා...
" ඉතිං මිස්ටර් නම්ජූන්.. ඒ වගේම ඔයාලා හැමෝම හමුවෙන්න ලැබීම සතුටක්.. අපි ආයෙමත් දවසක පුළුවන් වුණොත් හම්බ වෙමු.... "
පැය කිහිපයක හමුවෙන් පස්සේ එයාලා පිටත් වෙන්න කලින් යූජින් ගේ අම්මා කණ්ඩායමේ හිටපු සාමාජිකයින් හැමෝටම හිස නමලා ආචාර කරා...
" ඔයාලා වගේ ආර්මි ලා අපිට එදා වගේම අදත් ලොකු හයියක් මිසිස් චෝයි... "
YOU ARE READING
|| THE CLONE || ✓
FanfictionAmalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ...