Chapter 14

153 39 5
                                    

_____________________________

" I'll get my first try to protect you for them "

" එයාලා වෙනුවෙන් ඔයාව බේරගන්න මගේ පලවෙනි උත්සහය මං ගන්නම් "
________________

එලාම් එකේ සද්දෙට ගැස්සිලා ඇහැරුණු Amalda ඇස් පොඩි කරන ගමන් වටපිට බැලුවා...

" මිස් Amalda තවම වෙලාව පාන්දර හතරයි හතළිස් පහයි... ඔයාට තව වෙලා නිදාගන්න පුලුවන්... "

Amalda ඔරවගෙන ඇඳෙන් බැස්සේ ඈශ් කියන දේවල් ගනන් ගන්නේ නැතුව.. තනියම මුමුන මුමුන නාන කාමරයට ගියා...

ග්ලාස් ඩිස්ප්ලේ එකෙන් පේන තමන්ගේ සෞඛ්‍ය වාර්තාව බලපු Amalda ඒ වාර්තාවේ දැකපු එකම අවුල තමයි ' ඕනවට වඩා නිදි වැරීම ' ගැන ඈශ් එකතු කරලා තිබුණ විශේෂ කොටස...

තවම උදේ නිසත්, හනා යූජින් දෙන්නා නිදි නිසත් Amalda එයාගේ විද්‍යාගාරය ට ගියේ කලින් දවසේ වාර්තාව බලන්න...

පෙර දිනයේ ඇති වුණ කම්පනය නිසා විද්‍යාගාරය අපිළිවෙල වුණත් ඒ හැම දෙයක්ම ආපහු තිබුණු විදියට හදන්න ඈශ් කටයුතු කරලා තිබ්බා...

Amalda නතර වුණේ කාල යන්ත්‍රය ළඟ. තමන්ගේ අත් කාල යන්ත්‍රය උඩින් තියන ගමන් එයා කල්පනා කරේ ඊයේ දවස ගැන..

" ඈශ් ඊයේ රිපෝට් එක මට පෙන්නන්න"

Amalda ගේ විධානයත් එක්ක එයාට ඉස්සරහ තිබ්බ ග්ලාස් ඩිස්ප්ලේ එකේ සම්පූර්ණ වාර්තාව පෙන්නුම් කරා....

<>

" යූජි නැගිටින්න කෝ බලන්න අටත් පහුවෙලා ඔහොම නිසා ගත්තොත් හොඳට තියෙයි.. "

හනා යූජින් ට කෑ ගැහුවා...

" ආහ් ෆිෆි මොකද බබා මේ.. ආශ් මගේ කනත් ඉවරයි... "

යූජින් එහෙම කිව්වත් ඊළඟට එයා දැක්කේ එයා දිහා ඉනට අත්දෙක තියන් බලාගෙන ඉන්න හනාව...

හනාගේ බැල්ම හරිම දරුණු විදියට එයාට පෙනුන නිසා හෙමිහිට ඇදෙන් බැහැලා නාන කාමරයට ගියා...

|| THE CLONE || ✓Where stories live. Discover now