' අනාගතේ දවසක අපි හම්බ වෙමු ජන්ග්කුක් ජොන් 'Amalda හෙමින් කියලා ජන්ග්කුක් දිහා එක පාරක් බැලුවා.. ඒත් එක්කම ජන්ග්කුක් Amalda ට ආපහු කතා කරන්න හැදුවත් Amalda සදළුතලයෙන් බිමට පනිනවා විතරයි ජන්ග්කුක් ජොන් ට පෙනුනේ..
ටිකකින් ඈතින් පෙනුන කුහරය වැහිලා යන විදිය ජන්ග්කුක් බලාගෙන හිටියා...
<>
තත්පර කීපයකට පස්සේ Amalda හිටියේ තමන් පැය විසිහතරකට කලින් හිටපු එයාගේ විද්‍යාගාරය ඇතුලේ..
" දෙවියනේ Amalda!!! ඔයා හොඳින් නේද "
Amalda ළඟට දුවගෙන ආපු හනා Amalda ව තදින් වැලඳ ගත්තා.. යූජින් ඉක්මනට එතනට ආවේ හනාට පස්සේ..
" මට ටිකක් තනියෙන් ඉන්න ඕන "
Amalda වචන රළු නිසා වගේ ම එයාගේ මූණේ තියෙන පැහැදිලි වෙනස හනා යූජින් දැක්කා.. Amalda හෙමිහිට විද්‍යාගාරයෙන් එළියට ඇවිදගෙන ගියා... හනා Amalda ව නවත්තන්න හැදුවත් යූජින් ඒකට ඉඩ දුන්නේ නැහැ...
" එයාට ඉන්න දෙන්න හනා "
Amalda ආවේ එයාටම වෙන් වෙලා තිබුණ එයාගේ පුංචි පුස්තකාලය ඇතුලට.. එයාගේ ඇස් වලින් කදුළු වැටෙනවා..
' මා_ම් , ඩෑ_ඩ් අයි රි_යලි මිස් යූ '
ජීවිතේ පලවෙනි වතාවට තමන්ගේ දෙමව්පියන් දැක්ක Amalda හිටියේ තරමක් කම්පනය වෙලා.. අහඹුවක් වුනත් ඒ මොහොත එයාට ලැබුණා.. ඒක දුන්නට එයා ජන්ග්කුක් ජොන් ට ගොඩක් ස්තුතිවන්ත වුණා..
එයාගේ ඇස් වලින් ආයෙමත් කදුළු වැටුණේ ඒ මතකයන් නිසා එයාගෙම හිත රිදෙද්දි..
' මං ඔයාලව කොහොම හරි බේරගන්නවා '
<>
" මිස් Amalda ඔයා මුලින්ම වොශ් එකක් දාගෙන එන්න.. මං ඩිනර් එක රෙඩි කරන්නම් "
පැයක කාලයකට පස්සේ Amalda ආපහු එළියට ආව ගමන් ඈශ් කියද්දී එලියේ Amalda එනකන් බලාගෙන හිටපු හනා එයා ලඟට ගියා..
" Amalda "
හනා කතා කරේ හරිම සන්සුන් ව.. එයාට ඕන වුණේ නෑ Amalda ව කලබල කරන්න.. හනා ට අහන්න ඕන වුනත් Amalda ගේ මේ හදිසි වෙනසට හේතුව මොකක් ද කියලා එයා ඒ ගැන අහන්න ගියේ නෑ..
YOU ARE READING
|| THE CLONE || ✓
FanfictionAmalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ...