🥀Chapter 15🥀

417 54 17
                                    

හැමොම හරි සිහියට ආවේ යුමිගෙ කට හඩට..

"ආරි ඔම්මා...ඒ..ඒ ඉතියේ යුමි බබගෙ ඔම්මා නේ...කූ එයා"

ආරි කෙල්ලව බදාගෙන හයියෙන් අඩන්න ගත්තේ මොනාද කියන්නේ කියලා හිතා ගන්න බැරුව....

"ඔයා අඩන්න අපා...."

යුමිත් ආරිට තුරුල් වෙලා හිටියා...මේ දිහා කදුලු පිරිච්ච ඇස් වලින් බලාන් හිටපු ජිමින් ඇවිත් ආරි ලග දන ගහගත්තා....ඒකට බය උන යුමි තවත් ආරිගෙ අස්සෙ හැංගුන නිසා ජිමින් ආරිගෙන් ටිකක් ඈතට ගිහින්...

"ආරි...අර..අ..අර විඩියෝ එක ඇත්ත නේද...ඒ හිටියේ කිමි නේද....එ...එතකොට එයා කිව්ව බබා මෙයාද...."

"ඔව් ඔප්පා...මේ ඉන්නේ ඒ බබා තමා....යුමි පැටියෝ අර ඉන්නෙ ඔයාගෙ අප්පා...යන්න එයා ලගට...ඔයා ඔම්මගෙන් අහපු ඔයාගෙ අප්පා අන්න අර ඉන්නෙ"

ආරි එහෙම කිව්වාට පස්සේ එයාගෙ තුරුලෙ ඉන්න යුමි හිමිට ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවා....

ජිමින් යුමි එක්ක ලස්සනට හිනා උනාට පස්සේ යුමිත් හෙමින් හෙමින් ජිමින් ලගට ගියා....

ආයෙ යුමි ආරි දිහා හැරිලා බැලුවාට පස්සෙ..."යන්න පැටියෝ" කියලා ආදරෙන් කිව්වාම ජිමින් ලගට ගියා.ජිමිනුත් කෙල්ලව වඩාගෙන ඇහුවේ" මේ බබා නම් කෝ අරයා කියලා.." ආරි ඊට පස්සෙ ජිමින්ට කොලයක් දුන්නා...ඒ නිසාම ජිමින් එතනිම් එහාට මොනාත් අහන්න ගියේ නෑ.....

මේ දෙවල් දිහා ජන්ග්කුක් බලාන් හිටියේ තරකින්ද දුකකින්ද කියලා එයාවත් දන්නෙ නෑ....

"ආරී මෙ ඉන්නෙ ජිමින්ගේ බබා නම් බඩේ ඉන්නේ-" ටේ ඇහුවේ ජන්ග්කුක් ට අහන්න ඔනි උනම ප්‍රශ්නයක් නිසා ජන්ග්කුක් ඒ දිහා ඔනිකමෙන් බලන් හිටියා... ඒත් ටේ ගෙ කතාවට බදා කරලා මැදින් ජින් කතා කරා...

"ඔව්...ටේ මේ ඉන්නෙ ජන්ග්කුක්ගෙ ලමයා...."

ජින් කිව්ව කතාව නිසා උඩට දැම්ම හුස්ම පල්ලෙහාට ගන්නවත් සිහියක් තිබ්බෙ නැති ජන්ග්කුක් ඇස් දෙක ලොකු කරන් ආරිගෙ බඩ දිහා බැලුවේ දැන් ටික්කට කලින් එයා කිව්ව වචන ජන්ග්කුක් ගෙ ඔලුව ඇතුලෙ දොංකාර දුන්න නිසා.....

✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾   (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now