#3-Gimme Gimme More

102 19 139
                                    

Continuing someone's pov...

කෝගා අර කොල්ලා ළඟටම ගිහින් කතා කළාට එයා හිටියෙ වෙන සිහියකනෙ.ඉවසීම කියලා එකක් දන්නෙම නැති කෝගා ටිකක් වෙලා අර කොල්ලා දිහා කන්න වගේ බලන් ඉඳලා එයාගෙ පිටට කෝගගෙ දකුණු අතේ දබරගිල්ලෙන් එකපාරක් ඇන්නෙ චුට්ටක් ගැස්සුනානම් අර කොල්ලා බිල්ඩින්ග් එකෙන් පල්ලටම වැටෙයි කියලා ගානක්වත් නැතුව.

?? : ආශ්.......! ගිමි ගිම්මි මෝර් ???? හූ ආ යූ !?

Koga : එක්ස්කියුස් මී? ඔයා මගෙ නැට්ට පාගන් ඉන්නෙ ! ඔතනින් බහිනවද නැත්තම් පහළටම යනවද?

කෝගව දැක්කම අර කොල්ලා කළේ යට ඉඳන් උඩටම හොඳට කෝගගෙ දිහා බලපු එක.ඒත් තවම කොල්ලගෙ හෙඩ් සෙට් දෙක වැඩ.ඉතින් කෝගා කියන ඒවා අරයට ඇහුනෙ නෑ.

?? : ෆ්‍රෙන්ඩ්ස් නෝ අන්ඩස්ටෑන්ඩ් මී එනි මෝර් ! ගිමි ගිම්මි මෝර් ! හහ් හහ් හා...

Koga : ආශ් !! මොන පිස්සෙක්ද මේ?? කොහෙන් ආව වානරයෙක්ද මූ?? ගෝරිල්ලෙක් නම් නෙවෙයි... චිම්පන්සියෙකුත් නෙවෙයි.. ම්ම්.. ආ... ඔරං ඔටං ! ඒකෙක්ම තමා !

?? : හා...හා....හාච්චුං !

කෝගා ඔළුවත් කහ කහ අර කොල්ලගෙ හැඩරුව මැන මැන ඉද්දි ඒ කොල්ලට හච්චුමක් ගිය පාර තව ඩිංගෙන් කොල්ලා රූෆ්ටොප් එකෙන් බිම.ඒත් කෝගා ඒ වෙලාවෙ එයාව අල්ලගත්තා.වානරයෙක් වගේ වුනත් නිකන් මැරෙන්න දෙන්න බෑනෙ?

Koga : මේ ඔරං ඔටං වයිබ් එක ! වැට උඩ ඉඳන් සිංදු අහන්න තහනම් ! පලයන් ආව කැලෑවකටම !

ඒ පාර නම් ඒ කොල්ලා හෙඩ්සෙට් දෙක ගැළෙව්වා.ඒක ගළවලා එක අතකට අරන් අනිකෙන් ටැබ් එකත් උස්සන් ඒ කොල්ලා අර වැටෙන් රූෆ් ටොප් එකට බැස්සෙ කෝගගෙ දිහා ආයෙම යට ඉඳන් උඩට බලාගෙන.

?? : ඒක නෙවේ ! මෙහෙ කේටරින්ග් සර්විස් නැද්ද? හරි තිබහයි.. ඔයා ක්ලීන් කරලා ඉවරනම් මට කූල් එකක් ගෙනත් දෙන්න පුළුවන්ද?

එයාට තිබුනෙ ගොඩක් ඩීප් වොයිස් එකක්.හැබැයි ඉතින් දැන් මෙයා කෝගගෙන් හොඳ උච්ච ස්වරයක් අහගන්න තමයි ඔය දඟලන්නෙ.

Koga : පුහ් ! මේ ඔරංඔටං මල්ලි?? රිලවුන්ට මෙහෙ ජූස් නෑ.පලයන් ඇම(ර්)සන් !

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now