#38-Time To Leave

33 12 61
                                    

Continuing Someone's pov...

හංස පිහාටුව අතට ගත්තු බොම්ග්‍යු ඒක අරන් යොන්ජුන්ගෙ කන ළඟට ළං කරන්න පටන් ගද්දි ජුන්ගෙ මූණෙන් දකින්න ලැබුනු වෙනස එක්ක ජීයුන්ටනම් හොඳටම හිනා.

මොකද කීවොත්..

Jiyun : හෙහ්.. කොහොමද එහෙම වෙන්නෙ?? කිසිම හේතුවක් නැතුව මෙන්න මෙයා හිනා වෙනවා?? වාහ්... ඒ හිනාව දැක්කෙ කොච්චර කාලෙකින්ද අනේහ්..

බොම්ග්‍යු පිහාටුව ජුන්ගෙ කනට ළං කළාම ජුන් නින්දෙන් හිනා වෙන්න පටන් ගත්තා.

ඒක දැක්කම ජීයුන්ටත් සතුටු හිතුනෙ ගොඩක් වෙලා යනකන් ජුන්ගෙ වෙනසක් දැක්කෙ නැති නිසා.

Beomgyu : ඒක හැමෝටම කරන්න බෑ ජීයූන්.. ඒක කරන්න පුළුවන් මෙන්න මුගෙ වන් ඇන්ඩ් ඔන්ලි ග්‍යූ බ්‍රදර්ට විතරයි.මරු වැඩේ හැබැයි.මූ තව ටිකකින් හිනාව නවත්තගන්න බැරුව මලමගුලක් කරගනියි.

Jiyun : හිහ්.. ඇති ඇති.වද නොදී යන්න දැන් !

Beomgyu : පුහ්.. යනෝ තමා හුම්ම් ! ඒ මේ.. ඔය රතු පාටට කැලල යන්න නම් ඔහේ මෙන්න මුට කිස් එකක් දෙන්න ඕනි.පාඩුවේ කරගන්න ඉතින්.මම යනෝ යන්න.මටත් වැඩ තියෙනවනෙ? බය වෙන්න ඕනි නෑ.මම එන්නෑ උඹලගෙ ලව් එක කඩාකප්පල් කරන්න.ටටා බායි..

අන්තිමට බොම්ග්‍යු අර තටුවත් බිම දාලා එතනින් යන්න ගියේ ජීයුන්ව රෝස පාට වෙන්නම හොඳ දෙයක් කියාගෙන.

ඇත්තටම ජුන්ගෙ කම්මුලේ තිබ්බ කැලල නැති වෙන්න නම් ජීයුන්ගෙන් හාදුවක් එයාට ලැබෙන්නම ඕනි.

කලින් ජීයුන් ඒක දැනන් හිටියෙ නැති වුනාට බොම්ග්‍යු ඔය කෙහෙම්මල් සේරම හොඳට දන්න කෙනෙක්.

විශේෂයෙන්ම ජුනුයි බ්ලූ රෝසුයි ගැන ග්‍යූ වඩා හොඳට දන්න කවුරුත් නැති තරම්.

වයසින් බාලයා වුනාට ග්‍යූ චෝයි කියන්නෙ ඉපදුන දවසෙ ඉඳන්ම මොළ ගෙනාපු නැවක් වගේ තමයි.

ඒකනෙ එයා භාරකාරයෙක් යටතෙ ඉද්දිත් රාජ කුමාරයාගෙ ආරක්ෂක තනතුරට තේරුනේ.

බොම්ග්‍යු ඊළගට ගියේ දොරටුව ළඟට.ඒ වෙලාවෙ සූබිනුයි ජේයි හායුනුයි එතනට වෙලා ඒ ගැනම කතා කර කර හිටිය නිසා බොම්ග්‍යු එතනට ගිය එකත් ප්‍රයෝජනවත් වුණා එයාලට.

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now