#25-Their Secret

33 14 102
                                    

Continuing Someone's pov...

රුකී ඒ වෙලාවෙ හරුමිට ආපහු ෆෝන් එක දුන්නෙ ඉස්සරලා මින්ග්‍යු එක්ක එයා කැළේ හිටිය වෙලේ බිම වැටිලා තිබිලා ඒක හම්බුන නිසා.

හරුමිට ෆෝන් එක ගැනවත් සිහියක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ.

අන්තිමට රුකී ෆෝන් එක ගෙනත් දුන්නම හරුමි ඉක්මනටම ඒක චාර්ජ් වෙන්න ගැහුවෙ සෝයෝන්ට කෝල් එකක් දෙන්න ඕනි නිසා.

Ruki : අපිට කට උත්තර ගන්න බැරි වෙයි නේ ඔප්පා?

Mingyu : හ්ම්.. දැන්ම මේක කරන්න බෑ.. මේ ගත්ත තොරතුරු ඇති.. දැන් අපි බෝඩින්ග් හවුසස්වලට යන්න ඕනි රුකී.

Ruki : ඔව් ඔප්පා.අපේ රාජකාරි වෙලාව ඉවරයි නේද? අනේ ඒත් මට නම් යූමව හොයගන්නකන් කිසිම නිදහසක් නෑ ඔප්පා.. අනේහ් පව් ඒ අසරණයා දැන් කොහෙ ඉන්නවා ඇත්ද??

Harumi : රුකී ඔන්නි? යූමා කියන්නෙ ඔයාලගෙ ඩිටෙක්ටිව්ගෙ පුතා නේද? කොහොමද අපේ ඉෂින්ට වුන දේ එයාටත් වෙන්නෙ?? ඉෂින්ට එතකොට වයස අවුරුදු හතරක් පහක් ඇති ඕනිනම්.ඒත් යූමට දැන් දොළහක් දහතුනක් වගේනෙ??

Mingyu : නෑ හරුමි.උන් එහෙම කරන්න ඇත්තෙ බොස්ට පාඩමක් උගන්නන්න වෙන්න ඇති.. අපි කොහොමත් උන්ව අල්ලගන්න ඔන්න මෙන්නනෙ හිටියෙ?

Ruki : හ්ම්.. හරුමි? අපි එහෙනම් දැන් යන්නම්.ඔයා ඉෂින් ළඟට යන්න දැන්.පරිස්සමින් ඉන්න හරිද??

අන්තිමට එයාලා එහෙන් යන්න ගියේ හවස් වේගෙන ආපු නිසා.ඒත් තවමත් විසඳුන්නැති යූමගෙ ප්‍රශ්නෙ නිසා මින්ග්‍යුයි රුකියි හිටියෙ ලොකු හිසරදයකින්.

මොකද කීවොත් මින්ග්‍යුයි රුකියි යූමට ගොඩක් සමීපවනෙ හිටියෙ..

කොහොමහරි මේ වෙද්දි මවුන්ටන් ටුවෙන්ටි ටූ එකේ ඇට්ටර කොල්ලන්ගෙ සද්ද බද්දවල නම් කිසිම අඩුවක් තිබුනෙ නෑ.

ඒ අස්සෙ බොම්ග්‍යුයි තාකියි එකතු වෙලා අලුත් කොල්ලගෙන් රහසක් එලියට ගන්න ඒ කොල්ලගෙ රූම් එකට රිංගගෙන හිටියෙ හරියට කෑම දෙනකන් බලන් ඉන්න ගෝරිල්ලො දෙන්නෙක් වගේ.

Felix : උඹලා පොරොන්දු වෙලා හිටහන්කො ඉස්සරලම !

Beomgyu : කොහොමද පොරොන්දු වෙන්න ඕනි කියහන්කො ! අත කපාගෙන සමරු සටහනක් දාගන්න කියලද උඹ දැන් ඔය කියන්නෙ?? මේ මල්ලි මේ !!?? මම නොකීවයි කියන්න එපා ආ ‍! යූ ක්නෝ?? හූ ඈම් අයි !??

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now