#11-Step Out With Him

51 15 72
                                    

Continuing someone's pov...

අතින් නොකා අනුන්ගෙන් කන්න ගියාට බොම්ග්‍යුටත් හොඳ වැඩක් තමයි වුනේ ඒ වෙලාවෙ.

Taki : ඔහ්? වතුර ටිකක් බීලා හිටහන් !!

බොම්ග්‍යු උගුර අල්ලන් දඟලපු දැඟලිල්ලට තාකි එහෙම කියන් ඒ ළඟ තිබ්බ වතුර වීදුරුවක්ම බොම්ග්‍යුගෙ කටට හැලුවා.

Beomgyu : ආශ්..! උඹ මොනාද බං කන්නෙ මේ ?? ක්-හැ ! ක්-හැ !!

Taki : මොකද බං? උඹෙ ඇස් දෙකෙන් කඳුලුත් ඇවිත්නෙ?? මේ තාකීස් ස්පෙෂල් ගාලික් ටේස්ට් රාමෙන් එක !

Beomgyu : ආ...හ්?? ග්.. ගාලික්??? තුහ් ! තුහ් !! තව ටික්කින් මට වමනෙ යනෝ ! ටටා බායි පස්සෙ හම්බෙමූ !!! ඩැඩාහ්..ඩූ නොට් ගිම්මි ගිම්මි මෝර් ‍!! හුවාහ්.. ක් හැ !

බොම්ග්‍යු එහෙම කියාගෙන එයාගෙ රූම් එකට දිව්වෙ ඇත්තටම එයාට ගාලික් එක්ක එච්චර හොඳ සම්බන්ධයක් තිබුනෙ නැති නිසා.

එයා එහෙම කීවා කියලා තාකි නම් බොම්ග්‍යුට යන්න දීලා බලන් හිටියෙත් නෑ.මොකද කීවොත් කොල්ලගෙ වැඩත් ඉතින් එයාගෙ හ්‍යුන්ගෙ වැඩ වගේම තමා.

"ගිලන් වූවෙකු දුටුවේ කොතනකද?වහාම උදව් කරනු.එසේ නොකළොත් ඔබ ඇඳුම් නැති මිනිසෙකු වැනිය." කියලා තමා කෝගා තාකියට උගන්නලා තියෙන්නෙ.ඉතින් තාකි කැමති නෑ කොහෙත්ම අර කීවා වගේ කෙනෙක් වෙන්න.අන්නේකයි කොල්ලා බොම්ග්‍යුගෙ පස්සෙන්ම දිව්වෙ.

මේ වෙද්දි අර එහා ගෙදර ඉඳන් බෝඩින්ග් එකට ඇවිත් යන්න ආව යූමනම් හිටියෙ එයාගෙ ගෙදරට වෙලා අත පය හතරම දිගෑරන් එයාගෙ නූනගෙ ඇඳ උඩට වෙලා පොඩි බඩ්ඩක් කරන ගමන්.

යූමගෙ නූනා මේ දවස්වල ගෙදර හිටියෙ නැති නිසා කොල්ලට ආයෙ දෙයක් නෑ.මොකද කීවොත් ඔය යූමා වැඩි හරියක් ඉන්නෙ නූනගෙ ස්ප්‍රින්ග් මෙට්ටෙ උඩ.

එයානම් කියන්නෙ එයාගෙ කාමරේ මකුළුවොන්ට දීලා නූනගෙ කාමරේ හෙමීට අයිති කරගන්න ඕනි කියලා.ඒකම තමා ඔය දැන් කරගෙන යන්නෙත්.

Yuma : වෝහ්?? මේ මාලයක්ද?? ද ඩෙවිල් සේඩ් 'මෙහෙම දෙයක් වෙන්න බෑ' මේක නිකන් ප්‍රාග් ඓතිහාසික යුගයෙන් හම්බුනු ගල් මෙවලමක් වගේනෙ යකූ??

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now