#35-Angel Or Devil?

30 14 67
                                    

Continuing Someone's pov...

වොන්ජුට සෝයොන්ගෙ කටහඬ ඇහුනත් එයාට ඒ වෙලාවෙ ඒක හිතාගන්නවත් බැරි වුණා.

කෙසේ වෙතත් මිනාහ් නම් වොන්ජුගෙ ඉස්සරහට වෙලා බඩ පැලෙන්නම කෑම කන ගමනුයි හිටියෙ.ඒත්  ඒ වෙලාවෙ වොන්ජුට ඉක්මනටම ආපහු යන්න සිද්ධ වුනේ අර කටහ‍ඬෙන් ලැබුනු පණිවිඩය නිසාමයි.

Wonju : මිනාහ්? මට කලින් කියන්න අමතක වුනානෙ?මම කලින් දාගත්තු වැඩක් තියෙනවා කරන්න.මට දැන් යන්න වෙනවා.

Minah : ඔහ්?? අයියෝ කෙල්ලේ..?? ආ.. මේ ඒක නෙවේ.. අර සූබින් කියන එක්කෙනාව ඔයා අඳුනනවා නේද? මට කියන්නත් බැරි වුනානෙ ඔයාට කලින්... ඒ මගෙ ඔප්පා.

Wonju : ම්.. මොකක්ක්?? සූබින් ඔප්පගෙ නංගිද ඔයා??

Minah : ඕ.. ඒ වගේ තමා... සෝයොන් ඔන්නියි අපේ ඔප්පයි කපල් එකක් කියන එකත් මම හොඳටම දන්නවා.. හෙහ්.. ඒ දෙන්නා මරුවට මැච් වෙනවා නේ?

Wonju : ඔව්.. සෝ.. සෝයොන් ඔන්නි...? මිනාහ්?? අපි දැන් යමුද??

දැන් ඉතින් වොන්ජුට සෝයොන්ගෙ නම ඇහුනත් ඇති අර කටහඬ මතකෙට එන්න.

වොන්ජුගෙ බලකිරීම නිසාම අන්තිමට මිනාහ්ත් ආපහු බෝඩින්ග් හවුස් එකට එන්න ආවෙ එන ගමන් අයිස්ක්‍රීම් එක්කුත් කකාමයි.

මේ වෙලාවෙ මින්ග්‍යුයි වුයොන්ග්නුයි සූබිනුයි තුන් දෙනාම හිටියෙ යූමා ගැන කතා වෙවී බෝඩින්ග් හවුස් එකට වෙලා රෑ කෑම කලින්ම කන ගමන්.

ඒ අතරෙ කෝගත් වැඩ ඉවර වෙලා බෝඩින්ග් හවුස් එකට ආවෙ හිතේ තිබුනු ප්‍රශ්න ගොඩක් බාගෙට විසඳගෙන.

Mingyu : අහ්.. උඹ ආවද? මොකෝ අද පරක්කු?

Koga : කෙල්ලත් එක්ක රවුමක් දාන්න ගියා බං ! කාපියව් කාපියව් හොඳට..

Soobin : කටක් දෙන්නද හ්‍යුන්?

උඩ තට්ටුවට යන ගමන් කෝගා සූබින්ගෙන් නූඩ්ල්ස් කටකුත් කාලමයි ගියේ.එතන අඳුරන්නෙ නැති කෙනෙක් හිටියට කෝගට ඒ වෙලාවෙ ඒ ගැන මෙලෝ සිහියක් තිබුනෙ නෑ.

මොකද කීවොත් එයා හැමදාම වගේ ගෙදර එන්නෙ තාකිව හග් කරගන්න බලාගෙනනෙ..

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now