#30-The Begining of Other Ten Steps

28 13 54
                                    

Continuing Someone's pov...

සෝයොන් ඉෂින් එක්ක ඉන්න හින්දා හරුමි වූයොන්ග් එක්ක හොස්පිට්ල් ගියේ වූයොන්ග් හිටියෙ ටිකක් අසනීපෙන් නිසා.

හරුමිලා ගියයින් පස්සෙ ඉෂින් නම් හිටියෙ ටිකක් විතර බයෙන්.

සෝයොන් එයාව ළඟින්ම වාඩි කරවගෙන කෑම කැව්වත් ඉෂින්ගෙ ඇස් දෙක තිබුනෙ වොන්ජු දිහාවට හැරිලා.

Seoyeon : අහ්? ඉෂි..? මොකෝ බය වෙලා වගේ? මේ වොන්ජු නූනා.මගේ යාලුවෙක්.

Wonju : ඒකනෙ සෝයොන්? ඉෂින්..? මොකෝ බය වෙලා වගේ? නූනා ඔයාට ගිෆ්ට් එකක් ගෙනාවා.මෙන්න මාව මතක් වෙන්න තියා ගන්න මේක.

වොන්ජු එකපාරටම ගිෆ්ට් බොක්ස් එකක් ඉෂින්ට දුන්නත් ඉෂින් හිටියෙ එයාට ගොඩක් බය වෙලා.ඒක නිසා එයා කෑම කන එකත් නතර කරලා සෝයොන්ගෙ මූණ දිහා ටිකක් බලන් ඉඳලා කාමරේට දිව්වෙ අර ගිෆ්ට් එකත් බිමට වට්ටගෙනමයි.

Wonju : අනේහ්? ඇයි සෝයොන් ඒ?? එයා තාම බයෙන්ද ඉන්නෙ?

Seoyeon : හ්ම්.. අවුරුදු ගානක් එයා කොහෙ හිටියද මොනවා කළාද කියන්න අපි තාම දන්නෑනෙ? එයාගෙ හැසිරීම ඔහොම තමයි ගොඩක් වෙලාවට.

Wonju : හ්ම්.. එයා ගොඩක් කියුට් මල්ලි කෙනෙක් සෝයොන්.. ඔයා වගේමයි.

Seoyeon : වොන්ජු? ඔයාටත් ඉන්නවා නේද මල්ලියෙක්? මට මතකයි ටිකක් ඒ වගේ....

Wonju : අපෝ ඔව් ඔව් ඉන්නවා මහ වදකාරයෙක් ! මල්ලියෙක් නෙවෙයිනෙ ඌ මගෙ නිවුන්නනෙ? වෙලාවකට හිතෙනවා ඌ ලොකු වෙලා මම පොඩි එක්කෙනා වුනානම් ෂෝයිනෙ කියලත්.

සෝයොන් හිතුවෙත් ඒ ඉෂින්ගෙ සාමාන්‍ය හැසිරීම කියලා වුනත් ඉෂින් බය වුනේ ඇයි කියලා වොන්ජු හොඳටම දැනන් හිටියා.

වැඩි වෙලා යන්න කලින් වොන්ජු එහෙන් යන්න ගියේ ෆිලික්ස්ට මේ ගැන කියන්න ඕනි නිසා.

ඒත් ෆිලික්ස් ඒ වෙලාවෙ හිටියෙ ග්‍රීන් ක්ලවුඩ් එකේ.

Felix : ඔහ්හ් ! තාකියා..! නැගිටහන් දැන්වත් ! යකූ උඹ හරියටම පැයක් නිදියන් හිටියා මේ ගහ උඩට වෙලා !

Taki : අ.. අහ්? ක්.. කොහෙද මේ?? ම්.. මොකද්ද ?? ක්.. කව්ද ඔයා? ම්.. මම?? මම..???

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now