#4-The next door

83 18 101
                                    

Continuing Someone's pov...

ඇත්තටම අර ක්ලවුඩ් ජීවියා මොන හේතුවකට කෝගා දිහා බලන් හිටියද දන්නෑ.ඒත් කෝගා හිටියෙ මේ ලෝකෙ සිහියක නම් නෙවෙයි.

ඒ අතරෙ අර වඳුරු කොල්ලා එයාගෙ රූම් එක හොයාගන්න කියලා මින්ග්‍යු පෙන්නපු පාර දිගේ බෝඩින්ග් හවුස් එකේ තුන් වෙනි තට්ටුවට ගියා.

?? : ආශ් ජින්ජා !?? ගිම්මි ගිම්මි මෝර් පල්ලා මේක මොන බෝඩිමක්ද යකූ !??? අම්මපා මේකෙ ඉන්නෙ සත්තුද??

උඩට ගිහින් බැලින්නම් එතන තිබුනු කාමර හැම එකක්ම වගේ තිබුනෙ වහලා දාලා.ඒත් කොනේම තිබුනු එකම එක කාමරයක විතරක් දොර ඇරලා තිබුනා.කොහොමත් පිස්සුවෙන් වගේ ඉන්න ඔය කොල්ලා ඒ වෙලාවෙ ඒ පැත්තට ගියේ ඒක හිස් එකක්ද කියලා බලන්න.

?? : අම්ම්ට........!! ද ඩෙවිල් සේඩ්.. ටූරුට්ටුට්ටූ... වට් ආ යූ ඩුයින්ග් ඇතුළෙ ඉන්න එක්කෙනා?? දොර වහගන්න දන්නෑද? ශිකේ මල්ලියා උඹ නම්ම් !!

ඇත්තටම ඒ වෙලාවෙ ඒ කාමරේ පොඩි පිරිමි ළමයෙක් හිටියා.අර ව‍ඳුරු කොල්ලා ගිහින් හොට දාද්දි ඒ කොල්ලා හිටියෙ ස්කූල් යන්න ලෑස්ති වෙවී.

අරයා ගිහින් ඒ කාමරේට එබිලා බලද්දි ඒ කොල්ලා හිටියෙ ටීෂර්ට් එකේ බොත්තම් දදා.ඒක නිසා තමයි ආයෙ දෙයක් නැතුව ඒකම අල්ලන් අර වඳුරු කොල්ලා කියවන්න පටන් ගත්තෙ.

??? : පුහ්? ඇයි තොට පේන්නෙ මම මොකක් කරනවා වගේද? ශික් ! අහකට අහකට ! මට වෙලා ගිහින් තියෙන්නෙ !

?? : ෂ්... මුගෙ සැර බලහල්ලකො යකූ ! මූත් නිකන් අර  නයිජීරියන් කොල්ලා වගේමනෙ? ලේ නෑයොද දන්නෑ..

ඒ ළමයත් කිසිම ගානක් නැතුව අර කොල්ලව තල්ලු කරන් එහෙම්ම කාමරේ දොරත් ඇරලා දාලා දුවගෙන යන්න ගියේ ඒ වෙද්දි ස්කූල් යන්න හොඳටම පරක්කු වෙලා තිබුනු නිසා.

අන්තිමට අර ව‍ඳුරු කොල්ලා ඒ රූම් එකට වෙලා පොඩි නැප් එකක් දාගත්තෙ ඒ කෙනා කවුරු වුනත් කමක් නෑ කියලා හිතන්.

මේ වෙලාවෙ ජුන් චෝයි හිටියෙ ග්‍රීන් ක්ලවුඩ් එකේ එයාගෙ රාජකාරියක් ඉෂ්ට කරන ගමන්.

කොහොමහරි පෘථිවියට ඉර පායන්න කලින් එයා එහෙට යාගත්තු නිසා හොඳයි කියලා තමයි අර කුරුමිට්ටො ටික නම් කීවෙ.

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now