" ඕකා එන්නේ ගොම්මන් කළුවර වැටීගෙන එද්දි කිරි පට්ටියක් ගාවට ඇවිත්..."
ලොකු අයියා ඉස්තෝප්පුවෙ ඉදන් ගොපලු යකාගෙ කතාව කියද්දි මට ඉබේටම බැලුනෙ දර මඩුව පැත්තෙ ගැට ගහලා හිටිය රත්ති දිහා.
අයියගෙ කතාවෙ චිත්ත රෑප එක දෙක මට මැවි මැවි පේද්දි ගෙයි ඉස්සරහ වල් කුරුඳු ගහේ අතු හුළගකට හෙලවෙනවත් එක්කම මම කෑ ගහගෙන ගිහින් අප්පච්චිගෙ ඇගේ එල්ලුනා.අනේ...හ් අප්පච්චි....
" ලොකු පුතා....මේ රෑ ජාමෙ පොඩි එකාව බය නොකර ඉන්නවා...."
අප්පච්චි ලොකු අයියට සැර වෙද්දි මන් තව තව අප්පච්චි පිටිපස්සෙ හැංගුනා.
"හූ....හූ....බයගුල්ලා...."
" මූ කොල්ලෙක් වෙලත් පණ බයයි..."
ඒ අස්සෙ චූටි අයියත් මට විහිළු කරද්දි ගෙදර පොඩිම එකා වුණ මට වුණේ හැමදාම හොල්මන් වලට බය වෙවී අයියලගෙන් ඇනුම් පද අහන්න.
පොඩි කාලෙ ඉදන් අයියලා මාව බය කරලමද කොහොදෝ මන් ලොකු වෙනකම්ම තනියෙන් නිදා ගන්න පවා බයයි. හැමදාම එක්කො අම්මා ගාව නැත්තම් අප්පච්චි ගාව. අප්පච්චිට හමුදාවෙන් හම්බ වෙච්ච උසස් වීමත් එක්ක අපි ගම දාලා කොළඹ ආවැයින් පස්සෙ නම් මට යක්කු හොල්මන් මල පෙරේත කියන නාමයක් මතක නැති වුණා. ඇරත් මෙහෙ ගමේ වගෙ නෙවෙයි මහ රෑක වුනත් මිනිස්සු කිසි ගානක් නැතුව පාරෙ බැහැලා යනවා.
ගමට ගිහින් එන්න ආස වුණත් ඉදලා හිටලා නිවාඩුවකට අප්පච්චියි අම්මයි ගමෙ ගිහින් ආවා ඇරෙන්න මායි අයියල දෙන්නයි ඉගෙනගන්න වැඩත් එක්ක කොළඹටම කොටු වුණා.මේ වෙද්දි අවුරුදු විස්සත් පැනපු මට ගම කියන්නෙ පරණ මතකයක් ගානයි...
හැබැයි දෛවෙ කියන්නෙ නම් මහ පුදුම දෙයක්...මගෙ දෛවෙ ලියවුණ ලියවිල්ලට අහම්බෙන් ගමට ගිය මට
වුණේ හීනෙකින්වත් හිතපු දේවල් නම් නෙමෙයි..
.
.
.
." ආච්චියි සීයයි දෙන්නම ඔයාලව මතක් කරා...එයාලටත් ආස ඇති මුනුපුරෝ ටික බලන්න..."
" පොඩීට ආයෙ කැම්පස් පටන් ගන්නකම් ගමෙ යවමු මූ කොහොමත් ගෙදෙට්ට වෙලා කකා බිබී ඉන්නවා විතරයිනේ.."
එක දවසක අම්මා රෑ කෑම මේසෙදි ගම ගැන මතක් කරද්දි චූටි අයියා මා දිහා බැලුවෙ විරිත්තලා..කොහොමටත් ඕකට මාව පේන්නෙ ගෙදරට වෙලා කකා බිබී ඉන්න අපතයෙක් වගේ. මාව කොහොමහරි ගෙදරින් යාවා ගන්න චූටි අයියා අම්මාට නොකියපු කේලමක්
නෑ..." හ්ම්ම්......පොඩි පුතා කැමති නම් ගිහින් ටික දවසක් ගමෙ නැවතිලා ඉදලා එන්න.."
"ලොකු පුතාට පුළුවන්නෙ මල්ලිව අනිද්දා විතර ගිහින් ඇරලවන්න...."
" ම්ම්....අප්පච්චි...මෙ මට එදා...ට ඔෆිස් එකේ.."
අප්පච්චි ලොකු අයියට මාව ගිහින් ඇරලවන්න කියද්දි මන් බලාගෙන මුගෙ කාපු බත් කට හිරවෙනවා. ඒ මදිවට සෙනසුරාදට ඔෆිස් තියේලු. ඔන්න අම්මේ ලොකුවගෙ හොරේ අහුවෙන්න යන්නෙ...අම්මා දන්නෙ නැතුවට අයියලා දෙන්නම අම්මාට ලේලිලව දැන්ම හොයාගෙන තියෙන්නෙ....
" සෙනසුරාදා කොහෙද හලෝ...ඔෆිස්...
මෙයා මේ කෑල්ල බලන්න යන්න හදන්නෙ අම්මෙ..."මන් ලොකු අයියගේ සායම කට්ටියම ඉස්සරහා යැව්ව පාර ලොකු අයියා මේසෙ යටින් මගෙ කකුලට එකක් ගැහුවා...චූටි අයියා බත් පිඟානටම මූණ ඔබා ගත්තා.ඔය අනිත් එකා ඕකට හැම තැනම සුදු අම්මිලා.
"මෙන්න මූව ගමට ගිහින් දාල යකෙක්වත් සෙට් කරලා දීපන් ලොකූ.......මල වදේ...."
අප්පච්චි කෑම මේසෙන් නැගිටලා යනකම් හිටිය චූටි අයියා මගෙ කනක් මිරිකලා බනින්න ගත්තා. මේ ඔක්කොම ඉතින් මගෙ තනිකඩ ලේබලේ හන්දනෙ...
" අනිද්දා උදේම ලෑස්ති වෙලා ඉන්නවා මන් ගිහින් ඇරලවන්නම්....."
~~~~~~~~~ මතු සම්බන්දයි ~~~~~~~~~
YOU ARE READING
කලු කුමාර ✔️
HorrorOnly a fiction # On dark, creepy nights, when the moon hides behind the clouds and shadows stretch long, he prowls the night with silent grace. Driven by an ancient bond, he hunts not for prey, but for his lost lover, drawn by the scent of a love th...