විසිපස් වන දිගහැරුම

2.7K 511 23
                                    

" ප්ලීස්....දිනෙත්..ඕක කරන්න එපා..."

" කට වහපන්... තව එක වචනයක් කතා කලොත් ඔලුව කුඩු වෙන්න තියනවා...."

" අනේ...හ්.....මේඝ...."

ගතවුණ ඊළඟ තත්පරේ කන් පසාරු කරන්
යන වෙඩිහඬ මුලු වටපිටාමෙ දෝංකාර දෙද්දි අම්මාව අප්පච්චිව අයියලව පවා මට මැවිලා පේද්දි මරණ බයටම මාව වෙව්ලුවා.




" වෙඩි වැදුනා වගේ ඔහොම්ම ඉදපන්.....
මන් කිව්ව ගමන් නැගිටපන්..."

ගන් එක තාමත් අතේ තියන් හිටිය දිනෙත්
මාව බිමටම තද කරන ගමන් රහසින් කියද්දි තාමත් පණ පිටින් හිටිය මන් පැත්තකට විසි වෙලා තිබ්බෙ උණ්ඩ දිහා බලන ගමන් ලණු කෑලි කැඩිලා ගිහින් නිදහස් වුණ අත් දිහා බැලුවා.

"යුගාන්....! "

මට ඇහැක් ගහන ගමන් නැගිට්ට දිනෙත්
අපි දිහාට එන මිනිස්සු දෙන්නෙක්ට ගහන්න පනිද්දි අතේ තිබ්බ ගන් එක මට
පාස් කරා.
අල්ලගත්ත ගන් එක ඉනේ හංගගෙනම
දිනෙත් වත් ඇදන් මන් එතනින් පැනගත්තා.

අපි හිරවෙලා හිටිය බේස්මන්ට් එකෙන්
එලියට එද්දි අදුරේ තිබුන කොරිඩෝවක්
දිගේ අපි උපරිම වේගෙන් දුවන්න ගත්තෙ
මිනිස්සු දෙතුන්දෙනෙක් අපි පස්සෙන්
පන්නද්දි.

බේරෙන්න වෙන ක්‍රමයක් හිතා ගන්න බැරි තැන මන් ඉනේ තිබ්බ ගන් එක අරගද්දි
දිනෙත් මාව එකපාරම අදුරු කාමරයක්
ඇතුලට ඇදලා ගත්ත.

" වෙඩි තියන්න හදිස්සි වෙන්න එපා...
අපි දෙන්නටම හිරේ ලගින්න වෙන්නෙ...."

අපිව පහුකරන් යන අඩිසද්ද ටිකෙන් ටික
ඈතට යනවත් එක්ක දිනෙත් රහසින්
මුමුණන්න ගද්දි මන් ආයෙත් ගන් එක හංගත්තා.

" කොහෙද බන් මේ....බංකරයක්ද..."

" හිතා ගන්න බෑ බන් මේක නිකන් අර
ප්‍රභාකරන් හැංගිලා හිටිය කියන පොට් එක වගේ...."

" ඒ....උඹට අමුතු ගඳක් එහෙම එන්නෙ නෑ......."

දිනෙත් නහය අකුලන් කියද්දි හුස්ම හිර වෙන ගඳ උහුලගන්න බැරිව අපි කාමරේ
දොර යන්නමට ඇරියා.

" මීයෙක් කුණු වෙලා ඇති...."

" අම්බෝ....මීයො මෙච්චර ගඳද බන්..."

කලු කුමාර ✔️Donde viven las historias. Descúbrelo ahora