රෑට වහින වැස්ස කියන්නෙම රෝමාන්තික
හැඟීම් ගොඩක එකතුවක් වෙද්දි බාගෙට
ඇරපු ජනේලෙන් ආව සීතල හුළං පාරට
මන් ඇඳ රෙද්ද බෙල්ල ළඟටම ඇද ගන්න ගමන් එයාට තුරුලු වුණා.
මොන දේ කලත් කොච්චර බැන්නත් ඒ තුරුලෙ මුලු ලෝකයක්ම අමතක කරන්න
පුලුවන්.ඉතින් ආදරේ කරනවා කියන්නෙ දැනෙන තැන නවතින එකනම් මමත් නැවතුනේ මට දැනුන තැන.එක අතක් ඔලුව යටින් තියන් වහලේ දිහා
බලන් එයා වෙන කල්පනාවක ඉද්දි මන් කලේ ඈනුම් යවන ගමන් එයාගෙ පපුවෙන් ඔලුව තියාගත්ත එක." මොකද මගෙ මැණිකට නින්ද යන්නෙ නැද්ද....."
" ම්හු....නෑනෙ.."
එයාගෙ දිග නියපොතු වැවුණ ඇඟිලි මගෙ
කෙස් අතරින් හිමීට අතගාද්දි මන් ඉස්සිලා
අඩ අදුරේ පේන එයාගෙ මූණ දිහා බැලුවා." මේඝ...."
" ම්න්......."
" රවණා... යුද්ධෙන් මැරුණ යක්ෂ සේනාධිපතිවරුයි සෙබලුයි ආයෙ භූතයො
විදිහට ගෙන්නුවට පස්සෙ මොකද වුණේ.."එයා දවසක් අතරමඟින් නවත්තපු කතාව
මම ආයෙ මතක් කලා." හ්ම්....මන් අන්තිමට නතර කලේ එතනින්ද....."
" ඔව්නේ....."
" දැන් ගොඩක් රෑ වෙලානෙ මැණික...කතා
කියන වෙලාවක්ද මේ..."" කමක් නෑ.....කියන්නකො අනේ...."
මගේ වදේටම එයා නවත්තපු තැනින් පටන් ගනිද්දි පුරුද්දට වගේ එයාගෙ
කොණ්ඩෙ අදත් අත් වල පටල ගත්තා." ඒ ගෙන්නපු හැම සෙබලෙක්ටම විශේෂ වැඩක් පැවරුවා....ඉස්සර යක්කු බැදන්
වැඩ ගත්තා කියලා අහලා තියෙයිද......
අන්න එහෙම සමහරුන්ට දේවාල ආරක්ෂා කරන්න තවත් අයට නිධන් ආරක්ෂා කරන්න පැවරුවා. එයාල අදටත් ඒවට බැඳිලා ඉන්නෙ....එයාලව මන්ත්‍ර ශාස්ත්‍ර....හෙළවෙදකමට....අංගම්පොර...නිල හටන් මේ හැම දේකටම පුරුදු කරවලා තිබ්බේ....
ඒ නිසා සාමාන්‍ය යක්කු වගේ නෙමෙයි..."" මොනවද නිල හටන් කියන්නෙ..."
" නිල අල්ලලා ගහනවට....මිනිහෙක්ට නිකම්ම ගහනවට වඩා නිලේකට ගැහුවොත් එකපාරින් මරන්න වුණත් පුලුවන්...."
ВЫ ЧИТАЕТЕ
කලු කුමාර ✔️
УжасыOnly a fiction # On dark, creepy nights, when the moon hides behind the clouds and shadows stretch long, he prowls the night with silent grace. Driven by an ancient bond, he hunts not for prey, but for his lost lover, drawn by the scent of a love th...