සතරවන දිගහැරුම

3.9K 640 97
                                    

ඇඳ ළඟටම ඇවිත් පා සලඹෙ හඬ නතර වෙද්දි ඇඳට කවුරුහරි හරි නැග්ගා හා සමානව මෙට්ටෙ හෙලවුණා වගේ මට දැනුනා.. කාමරේ පුරාම පැතිරුණෙ කොහෙන්ද මතුවුණ ඝන මීදුමක් එක්ක දැනෙන තද සීතලක්.

ඒ මදිවට වල් කුරුඳු ගහේ ඉදන්
අඬන බස්සයි සැරින් සැරේට
මා දිහාට බර වෙනවා වගේ දැනුන ඇද මෙට්ටෙයි නිසා හිතට දැනුනෙ අමුතු බයක්....කැම්පක් එකේ බොක්කෙ ෆිට් එක කියන දේ අහලා මහ රෑ ජාමෙ හොල්මන් ෆිල්ම් බැලුවෙ නැත්තම් මෙච්චර බයක් නෑ...හ්. මඟුල එවුවයෙත් බෙල්ල මිරිකන බෙලි කඩන
හොල්මන් හිනාවෙන සීන් ඔක්කොම මතක් වෙන්නෙ මේ වගේ වෙලාවලට..

සුදු රේන්ද ජනෙල් තිර වලින් පෙරිලා ආපු හඳ එළිය පෙට්ටගම උඩ තිබුන පා සලඹෙට වැටිලා දිලිසෙනවා ඒ අස්සෙ
කවුරුම හරි ළඟ ඉදන් ඇහෙන නෑහෙන ගැනට කොඳුරනවා....ඒත් ඒ වචනයක්වත් පැහැදිලි නෑ....

කන්දෙකත් අත් දෙකෙන්ම වහන් ඇස් පියා ගනිපු පාර දැනුනෙ සීතල ඇඟිලි තුඩුවගේ පොරෝනෙ ඇතුලින් මගෙ පිට දිගේ තුනටිය වෙනකම් ඇදිලා එන හැටි....ඒවා වෙලාවකට සිනිඳු වගේම තව වතාවක උල් නිය පොත්තකින් හීරෙනවා වගේ....
මන් හිටියේ හුස්ම හිර කරගෙන ඇඟත් ගල් කරගෙන...හැරිලා බලපන් කියලා හිත දහස් වාරයක් කිව්වත් මන් බයටම බැලුවෙ නෑ.... ඒක ඇත්තටම දැනෙනවා සීතල ඇඟිලි තුඩු සැරින් සැරේට පිට දිගේ උඩ පහළට යන හැටි
ඉන නැමුම් රේඛාව දිගට ඇදෙන හැටි..

හුස්ම හිර කරන්ම හිටිය මගෙ ඇස් වලින් බේරුණ කඳුලු බිංදුවක් කොට්ට උරේ තෙමාගෙන උරාගත්තා...ඒ එක්කම මන් ඕනි දෙයක් කියලා ආපස්ස හැරිලා බැලුවත් හිස් ඇඳ ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබුණෙ නෑ....පුදුමයි....ඒත් මෙච්චර වෙලා දැනුණ දේවල්.....

මුකුත්ම නැති තැන මන් ආපහු හිටපු ඇලේටම හැරුණා එක්ක දැකපු දේට මට වහලේ උඩ යන්න කෑගැස්සුනා...
හැබැයි පිට වුණා කටහඬක් නෑ...
කොටින්ම ස්වර තන්ත්‍ර අගුලු වැටුණා..

පොරවන් උන්න රෙද්දත් විසි කරලා දුවන්න හැදුවත් අදෘශ්‍යමාන සීතල අත්වලට මාව කිටි කිටියට තද වුණා.. 
කෑ ගහන්න හදන වාරයක් ගානෙ වැදුනෙ අවකාශෙන් ආව සැර අතුල් පාරක්....

කලු කුමාර ✔️Место, где живут истории. Откройте их для себя