එකොළොස්වන දිගහැරුම

3.5K 598 88
                                    

සීතල අතක පහස ඔලුවට දැනෙද්දි තව නිදා ගන්න හිතුනත් මූණට වැටුණු ඉර එලිය මගෙ නින්ද කඩලා දැම්මා.

" දැන්වත් නැගිටිනවද....."

එයාගෙ සීතල කටහඬ ඇහෙද්දි මන් හිටියෙ එයාගෙ උකුලෙ.
කාමරේට කොහොම ආවද කියලවත් මට මතක නෑ....ඊයෙ රෑ මතක් වෙද්දිත් බයයි.

" ඊයෙ.....මන්...."

" මගෙ මැණිකට ඊයෙ මහසෝනා ගහන්නත් කලින් ක්ලාන්තෙ දාලා වැටුණනෙ.....ඒකත් බය වුණා.."

එයා මගෙ නහය රතු වෙන්නම මිරිකද්දි
දොර අගුල කැරකැවෙන සද්දෙට මන්
ඇදෙනුත් බිමට පැන්නා.

" අ...අම්මා... ඔයාව....."

" මාව පේන්නෙ වගේම ඇහෙන්නෙත් ඔයාට විතරයි......"

අම්මා කාමරේට එද්දි එයා ඇදේ පැත්තකින් එරමිණිය ගොතාගෙන වාඩි වෙලා අම්මා අතේ තිබ්බ බෑග් එක දිහා
ඕනකමින්ම බැලුවා.

" ම්ම්.......පුළුටු සුවඳයි...."

එයා අම්මා ගෙනාපු බත් එකට ඉව අල්ලනවා පූසෙක් වගේ. දවස් ගානක්
හරියට කෑමක් නැති මන් කෙහෙල් කොලේ
ඔතපු බත් එක ලෙහුවා.

හාල්මැස්සො බැදුමක්......
එයාට දැනිලා ඇත්තේ ඒකෙ සුවඳ ....

අම්මා බත් කටවල් එකින් එක අනලා කවන වෙලේ හාල්මැස්සො ටිකක් අතේ
හංගගත්තා. නැත්තම් අර යකා කෙල ගිලලා මට බඩේ අමාරුවකුත් හැදෙනවා.

මෙච්චර දවස් සුප් හැදි දෙක තුනකට වඩා
නොබීව මන් අද බත් එකටම වග කියද්දි
අම්මත් පුදුම වෙන්න ඇති.

" දැන් උණත් නෑ නේද.....කෑම කනනත්
පුලුවන්නෙ... "

" හ්ම්ම් ....."

" පුතා ආස දෙයක් හෙට හදලා ගේන්නම්කො...."

අම්මටත් වඩා පුදුම මට.....සමහර විට මගෙ සතුට ඇත්තෙ එයා ළඟ. අපරාදේ
එහෙනම් අර සුරේ ගලවලා දාන්න තිබ්බෙ
මීට කලින්.

" කෝ....ඔය ටික බොන්න ඉතින් බලන්
ඉන්නෙ නැතුව..."

අම්මා අතට දුන්න බෙහෙත් අහුර දැක්කාම මට ඉබේටම මූණ බෙරි වුණා.

" මෙච්චර බෙහෙත් බොන්න බෑ අම්මා...
තිත්තයිනෙ මේවා....."

" ඉක්මනට ගෙදර යන්න ඕන නම් බෙහෙත් ටික බොන්න ඕනනෙ....හොඳ
ළමයනෙ.."

කලු කුමාර ✔️Où les histoires vivent. Découvrez maintenant