විසිතුන්වන දිගහැරුම

3.7K 638 69
                                    

කන් බෙර පාලාගෙන වැදෙන එලාම් එකට මගෙ හීනෙ සුනු විසුණු වෙලා යද්දි සොම්බියෙක් වගේ නැගිටලා මන් එලාම් එක නවත්තගත්තා.

ජීවිතේට ඇතුවත් බැරි නැතුවත් බැරි........එලාම් එක නම් මහ සාපයක්.....

" අම්මා.........පරක්කුයි.....අයියෝ....."

කොච්චර වේලාසන ලෑස්ති වුණත් අම්මගෙ බත් බැදිල්ල හැමදාම අන්තිම
කට්ටෙ වෙද්දි මන් කෑගගහා පස්සෙන්
දිව්වා.

" කෙහෙල් කොලේක ඔතන්නද......"

" කෙහෙල් බැරි නම් කොස් කොලේක හරි කමක් නෑ....."

" කොස් කොලේ කවුද ළමයෝ බත් ඔතන්නෙ...."

අම්මත් එක්ක කියව කියව බෑග් එකත්
එල්ලන් කුස්සියට ආව මන් පළවෙනියටම දැක්කෙ මේඝව. එයා සුපුරුදු තැන වුණ පැන්ට්‍රි කබඩ් එක උඩ නැඟගෙන මොනවද
හපනවා.

අදත් කුස්සියෙ බඩු අතුරුදන් වෙයි ඉතින්. අන්තිමට මේඝ උස්සන හැම එකකටම බැනුම් අහන්නෙ අර චිමිනිය අස්සෙ ඉන්න අසරණ මීයා.

මගෙ යක්ස බෝයිපෙන්ට අද බිස්කට් අහු වෙලා....එයා මන්චි ටිකිරි මාරි කනවා. කමක් නෑ ඕකගෙ ටිකිරි මොළේවත් පෑදෙයිනෙ.

එයා ඇස් දෙකත් ටික් බෝල වගේ කරන් බිස්කට් කන හැටි මන් බලන් හිටියා.
පව් වෙලාව තිබුන නම් කිරි එකකුත් හදලා දෙන්න තිබ්බා එයාට.
එයා දිහා බලන් ඉද්දි මතකෙට ආව ගිය ආත්මෙ අතීත සිද්ධි මගෙ ඇස් වලට කඳුළු පිරෙව්වා.
එයාගෙ ආදරේ හිතට හරි බරයි
ඒ හිත අස්සෙ ආත්ම ගානක ආදරේ මහ ගොඩක්.

එක තත්පරේකට එයා ඔලුව උස්සල බලද්දි අපේ ඇස් එකට යා වුණා වගේම මන් දිහා බලපු මේඝ අනිත් අතට ගස්සලා අහක බලාගත්තා.

මූ යකෝ

මන් මේ පට්ට ආදරෙන් ඌරන් රොමෑන්ටික් මූඩ් එකේ ඌ දිහා බලද්දිත් ඒක ගනන් නොගෙන එයා ඊයෙ වුණ දේවල් වලට මගෙන් පලිගන්නවා.
ඉදකින් ගෙවලයකා.....

හරි මේඝ උඹ ඔහොම නම් මාත් එහෙමයි මන් එදා හිටපු සිලිං බිලිං යුවනාත් නම් නෙමෙයි මේඝ....දැන් කෙලින්ම සීන් එකේ ඉන්න පතාලෙ ඇලෙක්.....ආයෙ බැන්නොත් ගැහුවා ගැහුවොත් මැරුවා....
ඔයාගෙ කොච්චිකරල මෙහෙම හිටියට
හරී.... වසයි..හුම්...

කලු කුමාර ✔️Where stories live. Discover now