විසිඑක් වන දිගහැරුම

2.9K 537 28
                                    

" යුගාන්.....! අතඇරපන් ඕකව....මරන්නද
හදන්නෙ...."

කැම්පස් එක ඇතුලෙදි වුණ බහින් බස් වීමක් කවදාවත් නැතුව ගහන්න තරම් දුර දිග යද්දි හිතේ කැකෑරෙන කේන්තියට රණ්ඩුවට ආපු එකාව බිම දාගනිද්දි අනිත් අතට සැරට වැදුණ පාරවල් වලට මගෙ තොල් පවා පැලිලා ගියා.

" රෂේන්......! යුගාන්....! නවත්තපන් ඕක..."

" මන් උඹව ලේසියෙන් අත අරින්නෙ නෑ....
යුගාන්....උඹ අත තිබ්බෙ වැරදි එකාට..."

" තමුසෙයි මුලින් රණ්ඩුව පටන්
ගත්තෙ....රෂේන්...."

යාලුවො මැද්දට පැනලා රණ්ඩුව බේරද්දි රෂේන්ව අතඇරපු මන් බිම වැටුණ පොත් ටික අරන් එතනින් එන්න ආවා.

" මොන යකෙක් වැහිලද යුගාන් උඹට..."

" පාඩුවෙ ඉන්න දීලා යනවා...."

පස්සෙන්ම ආපු යාලුවො ටික එලවගන්ව ගන්න හැදුවත් එයාල නෙවෙයි එතනින්
හෙලවුනේ.

" ඇයි මොකෝ අවුල...."

" මුකුත් නෑ..."

" මුකුත් නැති වෙන්න බෑ....දහයට ගැන
ගන්න බැරුව හිටිය උඹ අරූට එකපාරම බිම දාගෙන ගහන්න ගියාම....උඹ කියන්නෙ අවුලක් නෑ කියලද..."

" අනික උඹත් ඉඳලා ඉඳලා අර රෂේනයටම
නෙලුවනෙ....දන්නවනෙ ඔකගෙ හැටි...."

" ඒ.....කොහෙද ඔය යන්නෙ..."

" ගෙදර..."

තවත් කැම්පස් එකේ ඉන්න හිතක් නැති
වෙද්දි මන් ගෙදර ආවා. මුණෙ තිබුන තැලුම් පාරවල් අතින් වහන් ඇතුලට යනවත් එක්ක කවදාවත්ම නැතුව අද කලින් ගෙදර ඇවිත් හිටිය ලොකු අයියා
මට කතා කලා.

" යුගාන් මෙහෙ එනවා...."

අයියා හඬ උස්කරලා කතා කරන්නෙ
අනිවාර්යයෙන්ම අපෙ වැරද්දකදි වෙද්දි
මාව දැකපු අම්මාත් කලබල වුණා.

" මොනව වෙලාද පුතෙ...මෙ..තුවාල වුණේ"

" අම්මම පොඩි පුතාගෙන් අහන්නකො මොකද වුණේ කියලා...ම්ම්.......ඇයි ගහගන්න තිබ්බ හයිය කට ඇරගන්න නැද්ද....."

සාක්කුවට අත්දෙක දාගන්න ගමන් මන් ළඟට ආපු අයියා මඩ ගැවුන කමිසෙ දිහා
බලන ගමන් කම්මුලට තට්ටු කරද්දි අයියා දිහා කෙලින් බලන්න බැරි කමට මන් අහක
බලාගත්තා.

කලු කුමාර ✔️Where stories live. Discover now