පස්වන දිගහැරුම

3.7K 620 52
                                    


" යුගාන්...."

" ඕයි....යුගාන්...."

තාමත් දොළ පාරට වෙලා වුණ දෙයක් හිතා ගන්න බැරුව ඉද්දි රසිදුවගෙ කන් අඩි පැලෙන වොයිස් එකට මට හොද සිහිය ආවා.

" මොන යකෙක් වැහිලද උඹට....අරෙහෙ
උඹ ගෙදර නෑ කියල ආච්චිත් බය වෙලා..."

" යකා වැහුනෙ නෑ....ගැහුවා..."

" මොකක්...? "

මිනිස්සු කිව්වට යක්කු ගහලා කියලා රෑ
තමයි දැන ගත්තේ ගහන හැටි....

ඇගේ අමාරුව පැත්තකින් තියලා රසිදුවගෙ කරදරෙන් බේරෙන්න නාට්‍ය
පුරුදු වුනත් ගෙදර එද්දි බෙර පද වලට
අඩි තියපු යටි පතුල් පැලිලා ලේ පවා ආවා.

.
.
.

වේලාව ගෙවෙද්දි මහ රෑ වෙලත් මන්
ඇහැරන් හිටියා. තිබ්බ බයටම වෙන්දට වහන කාමරේ දොරත් අද ඇරලා තිබ්බා.

නිදිමත වැඩි හින්දම ඇස් ලාවට පියවීගෙන එද්දි මුලු කාමරේම ඝන මීදුමෙන් වැහිලා ගියා....
කාමරේ පුරාම දෝංකාර දෙන පා සලඹෙ අයිතිකාරය අද මගෙ ඇස් වලට පේන්නම ඇවිත්.

එයාගෙඑක බැල්මකින් කාමරේ දොර පලු වැහිලා දොරගුලු වැටුණා.

" ළඟට එන්න එපා......!! මට යන්න දෙන්න...."

" යන්න දෙන්න.....උඹ කොහෙ කියලා
යන්නද...."

එයා ඇද ළඟට අඩියක් තියන වාරයක්
ගානෙම මන් කෑ ගහලා ඇඩුවත් යකා
නෙවෙයි ගනන් ගත්තෙ......
අන්තිම හුස්මක් පරතරේදි හංගලා තියපු කිනිස්ස එයාගෙ පපුව මැදටම කිදා බස්සද්දි ඒ මුණේ තිබුනෙ කට කොනෙන් නැගුන වියරු හිනාවක්.

ඊළඟ තත්පරේ කාමරේ පුරාම පැතිරුණේ
යක්ෂයෙක්ගෙ වියරු හිනාහඬ.

" මාව මරන්නද මැණික පිහියක් අරන් ආවෙ.....ම්ම්ම්......."

එයා මන් ඇනපු කිනිස්ස එයාගෙ අතින්ම
ඇදලා ගනිද්දි ලේ වත් අඩුම තුවාල
කැලලක්වත් ඒ පපුවෙ තිබුනෙ නෑ.

ඒක කොහොමද වෙන්නෙ....
මන් එයාව අල්ලන්න හැදුවත් මගෙ අත් ඒ ඇග විනිවිද ගියා.

" උඹ හිතුවද මැරුණු එකෙක්ව ආයෙම
මරන්න....ම්ම්...."

" ම...මට කරදරයක් කරන්න එපා...ඇ..ඇයි
මන් මොකක්ද කරපු වැරැද්ද..."

කලු කුමාර ✔️Donde viven las historias. Descúbrelo ahora