දාහතර වන දිගහැරුම

3.5K 593 99
                                    


" යුගාන්.....මෙහෙන් යනවා....මේ දැන්ම "

" මන් යන්නෑ......! "

" යුගාන්....! "

" එදා ඔයාට කියපු දේවල් මන් හිතලා කිව්වෙ නෑ......අනේ මට සමාව දෙන්න......
හිත රිදුනනම් මට ගහන්න බනින්න ඒත්
මෙහෙම මඟ අරින්න එපා...."

" සමාව ගන්න ඕනි මම මිසක් උඹ නෙවෙයි.... යුගාන් මෙහෙන් යන්න මන්
ඔයාගෙ හොඳටමයි කියන්නෙ "

පිටුපාලා හිටිය එයා මන් දිහාවට හැරිලා
එයාම ගහපු කම්මුල එයාම අතගෑවා.
එයා ආයෙත් යන්න කියද්දි මන් කලේ තවත් මුරණ්ඩු වුණ එක.

" මන් යන්නෑ කිව්වවොත් යන්නෙ නෑ මයි.."

" උඹ යන්නෙම නෑ....."

" නෑ.....!! ඔහොම නෙමෙයි කදුළු ගෑස්....
බෝම්බ ගැහුවත් මන් යන්නෑ......තමුසෙ
ගිහින් ජනාධිපතිට පෙස්සමක් ගැහුවත්
මන් යන්නෙ නෑ....."

මම අත් දෙකත් බැදන් ගල් තලාව උඩින්
වාඩි වෙද්දි එයා ඉනට අත් දෙක තියන්
රවාගෙන බලන් හිටියා.

" අවසාන වතාවට අහන්නේ...උඹ යනවද
නැද්ද....."

" යකා මහත්තයගෙ කන් හොඳට ඇහෙන්න ඇතිනෙ...මන් යන්නෙ නෑ....."

එයාගෙ ඇස් මන් දිහා බලන් හීනි කරගත්තා වගේම ඊළඟ වතාවෙ කලු දුමාරක් ඇතුලින් මැවුන දිවි වේශෙන් මගෙ
ඇගට පැන්නා.
සද්දන්ත කලු දිවියාගෙ පෙනුමට මන් භය
වුණත් ඒ ඉන්නෙත් එයාම වෙද්දි මන් අත් දෙකෙන්ම මුණ වහන් ඇඟිලි අතරින් එයා දිහා බැලුවා.

" මට යන්න බෑ....ම..මන් ඔයාට ආදරෙයි..."

දත් විලිස්සලා ගොරවගෙන මගෙ මූණට
පාත් වුණ එයා මම කෙඳිරුව වචන එක්ක
නැවතුනා. ඒ ඇස් පවා පුදුමෙන් දිලිසෙද්දි
කලු දිවියා වෙනුවට ආයෙමත් එයාගෙ
ස්වරෑපෙට මාරු වුණා.

" උඹට යකෙක්ට ආදරේ කරන්න භය
නැද්ද...."

" රැයක් ගානෙ යකෙක්ට යට වුණානම් ආදරේ කරන්න විතරක් ඇයි මන් බය වෙන්නෙ "

" ආදරේ කරන්න මන් මනුස්සයෙක් නෙවේ"

" ආදරේ කරන්න අයිති මිනිස්සුන්ට විතරද.....ඔයාමයි එදා කිව්වෙ ආත්මයක් වුණත් හැඟීම් තියෙනවා කියලා....ඉතින් ආදරේ කියන්නෙත් හැඟීමක්....ඕන කෙනෙක් මෙල්ල වෙන....යකෙක් නෙවෙයි
ඔයා නාගයෙක් පිල්ලියක් වුණත් මන් ආදරෙයි...."

කලු කුමාර ✔️Opowieści tętniące życiem. Odkryj je teraz