අටවන දිගහැරුම

3.5K 586 32
                                    


හති දාගෙන දුවලා ගේ පෙනි පෙනිම වැලි මිදුලෙ වැටෙද්දි ලෙලි ගිය දනිස් වැලි කැට
වලට පෑරුණා. කලුවරේම ළිදෙන් වතුර
ඇදලා ලේ පෙරෙන කකුල් හෝද ගෙන
ගෙට ගොඩ වෙනවත් එක්කම අම්මගෙ
වගේම අයියලාගෙ කටහඬවල් ඇතුලෙන්
ඇහුනා.

" ආ....ඔය එන්නේ....අම්මගෙ පොඩි පුතා
මුගෙ බොරු අම්මේ...මූට කොහෙද උණ..."

චූටි අයියා මාව දැක්ක ගමන් හැකර කට
අරිද්දි ලොකු අයියා අත් දෙකත් පිටිපස්සට
බැදන් මන් ළඟට ආවා.
ඇත්ත අම්මා කියනවා වගේ ලොකු අයියා
තනිකරම තාත්තා වගේ ඒ තද බැල්ම මට
කට උත්තර නැති කරා.

" නාට්‍ය වැඩ ඉවරද..."

" ඔ....ඔව් ඉවරයි..."

" එතකොට මෙච්චර පරක්කු වෙන්න හේතුව...."

" ම..මන් එතන ටිකක් වෙලා ඉදලා ආවෙ.."

" හ්ම්ම්....... එතකොට කකුල් ලෙලි ගහගන්න තරම් මොකක්ද වුණේ...."

අයියා මගෙ තුවාල වුණ කකුල් දිහා බලන්
අහද්දි දෙන්න උත්තර හිතා ගන්න බැරුව
මන් බිම බලා ගත්තා.

" අ..අයියෙ......"

අයියා එහෙම්මම මාව කාමරේට ඇදන් ගිහින් මගෙ උඩ කමිසෙ අයින් කරා.

" තමුසෙගෙ ඇග හැමතැනම තියෙන කැලැල් වලටයි මේ කමිසය තියෙන මඩයි
දියසෙවෙල් පාරවල් වලටයි දෙන්න පැහැදිලි උත්තරයක් තියෙයි නම් මට කියපන් නැත්තම් මේ දැන්ම ගෙදර යන්න
ලෑස්ති වෙයන්.......! "

ඇගෙ තියෙන කැලැල් අමනුස්සයෙක්ගෙ රමනයක් වෙද්දි රබර් කැලේදි වුණ දේවල්
අයියට කිව්වොත්.......එක්කො මට පිස්සු
කියයි.....එක්කො හොද ගුටියක් කන්න
වෙයි.

මන් සද්ද නැතුව මගෙ ඇදුම් ටික බෑග් එකට දාගෙන එලියට එද්දි ගමෙ මිනිස්සු
දෙතුන් දෙනෙක් කලබලෙන් වගෙ ගෙදර
අය එක්ක කතා කරනවා ඇහිලා මාත්
මිදුලට බැස්සා.

" පොඩි මහත්තය අපේ ඉසුරු එක්කද
ආවෙ......."

එයාලා මගෙන් ඉසුරු එක්කද ආවෙ අහනවා. මන් මොනවද දෙවියනේ කියන්නෙ...අර මනුස්සය මගෙ ඉස්සරහම
අමු අමුවෙම මරලා දැම්ම හැටිද.........

කලු කුමාර ✔️Onde histórias criam vida. Descubra agora