" නර බිල්ලක්......! "" ඔව් නර බිල්ලක්....දුන්නොත් උඹ යනවද"
" නර බිල්ලක්......හරි දීපන්...."
මගේ ඇඟට වැහුන යක්ෂ ආත්මෙ බර අඩි
තියලා වැලි පොළවෙ ඇවිදිද්දි වෙන තොවිලෙක නම් යැකැදුරාට මෙල්ල වෙන
යකා වෙනුවට අද යකාට බය වුණ යැකැදුරෙක් හිටියා.ඇත්ත නර බිල්ලක් වෙනුවට නර බිල්ලක් කියලා තුන්කුලුදුල් මිනියකට පණ කවලා පිල්ලියක් එවද්දි යකෙක්ගෙ ලේ රත් වෙන
හැටි මගෙ ඇඟට දැනුනා." ඔය නර බිල්ල අරන් මේ දරුවව අත ඇරපන් ....."
යකැදුරා කියන පමාවට මම පණ නැතිව
වැලි පොළවේ වැටෙද්දි එක තත්පරේකින්
පිල්ලියෙත් හිස කඳින් වෙන්වෙලා
බිල්ලට තියලා හිටපු කුකුළාගෙත් බැමි
ලිහුනා.බලන් හිටපු හැමෝටම ඒ දේවල් ඉබේ
වෙන සිද්ධි වුණාට මගෙ ඇස් වලට එයාගෙ යක්ෂ ස්වරූපය මතු වෙලා පෙනුනා.පන්සලේ ඇඳලා තිබුන රූප වල වගේම
කට දෙපැත්තෙ තිබුන උල් දත්........දිග
නියපොතු.......ලේ නහර ඉලිප්පුන ඇස්........රිදී ආභරණ වලින් වැහිලා ගිය
උඩුකය..........අවසිහියෙන් හිටියත් එයා හුස්ම ගන්න හඬ පවා මට ඇහුණා.
හැමෝම හිතුවත් යකා නර බිල්ල අරන්
යන්න ගියා කියලා මන් දැක්කා එයා
නැවිලා පිල්ලියක් කරලා තිබ්බ මළකඳට
ඉව කරනවා.පිල්ලියක් කියන්නෙ මැරුණු කෙනෙකුගෙ
මළකඳකට ප්‍රේත හරි යක්ෂ ආත්මයක්
ගෙන්නලා ආයෙ පණ දීමක් වෙද්දි නර
බිල්ලක් කියන්නෙ ඇගෙ උණුසුම තියෙන
මනුස්ස පරානෙකට. එහෙව් වෙනස
යකෙක්ට නොතේරුණා වෙන්න බෑ......
ESTÁS LEYENDO
කලු කුමාර ✔️
TerrorOnly a fiction # On dark, creepy nights, when the moon hides behind the clouds and shadows stretch long, he prowls the night with silent grace. Driven by an ancient bond, he hunts not for prey, but for his lost lover, drawn by the scent of a love th...