01. මරණයට ලඟම

1.5K 93 30
                                    

වලා අතරින් ඉර එබිකම් කලත් පරිසරය තවමත් මන්දාරම් මීදුමකින් වැහිලා ගිහින් තිබුනා. පොඳ වැස්ස පටන් අරන් නොතිබුනත් පරිසරයේ තිබුන තෙත ගතිය නිසාම සීතලක් විහිදිලා තිබුනා. කොහොම උනත් ඒ පරිසරය කියාගන්න බැරි තරම් ලස්සනයි. නුවර කියන්නේ ඒ වගේ තැනක්.

ඒත් අද ඒ ලස්සන අතරෙන් තුරැමිට දැනුනේ උහුලගන්න බැරි තනිකමක් පාලුවක් වගේම දුකක්. කොච්චර සීතල උනත් ඇදන් හිටපු ඇදුමට උඩින් ජැකට් එකක් ඇදගන්න තරම් වත් සිහියක් තුරැමිට තිබුනේ නැහැ. නුවර තිබුන එයාලගේ බැංග්ලෝ එකේ ලොකු මිදුලට වෙලා හිටපු තුරැමි කැනාස් පඳුරක් දිහා ඔහේ බලන් හිටියා. වෙනදා නම් මල් පිපෙන මේ වගේ වේලාවට ඒ දිහා බලන් ඉන්න.. ඇස් දෙක වහගෙන දැනෙන සීතල විදින්න තුරැමි පසුබට උනේ නැහැ. ඒත් අද හිටපු තුරැමි කලින් හිටපු තුරැමිට වඩා හුඟක් වෙනස් කියලා කැනාස් පඳුරේ මල් අතරේ හිටපු පුංචි මී මැස්සටන්ටත් හිතෙන්න ඇති.

" පුංචි බේබි... ලොකු මහත්තයාව අරන් ඇවිත්.....! ඔය ඇඳුම මාරැ කරගත්තොත් නරකද...? "

තුරැමි පුංචි කාලේ ඉදන්ම බංගලාව බලාගන්න හිටපු වාර්තන් කියද්දි තුරැමි එයාගේ ඇඳුම දිහා බැලුවා. නෙක් එක ගාවින් ⁣ටික් කරපු බැක්ලස් පාර්ටි ඩ්‍රස් එක තුරැමි වෙනුවෙන්ම කස්ටමයිස් කරපු එකක්. ඒකේ තිබුන දිලිසෙන රතු පාට තුරැමිගේ ලා කහ පාට හමට හුඟක්ම ගැලපුන නිසා වගේම ඒ දිග ඩ්‍රස් එකට තුරැමිගේ සිරැරේ හැඩය මනාව කැපිලා පෙනුන නිසා එයා හුඟක් ලස්සනට හිටියා.

තුරැමිගේ තද කලු පාට ස්ට්‍රේට් කොන්ඩේ හුළඟට එහෙ මෙහෙ ගියත් තුරැමිගේ මූණට කරදරයක් වෙන්න තරම් ඒ හුළඟ තද වුනේ නැහැ. මළානික ඇස් වලින් තුරැමි එයාගේ ඩ්‍රස් එකේ තැන තැන රැදිලා තිබුන ලේ පැල්ලම් දිහා බැලුවා. එයාගේ ඩ්‍රස් එකේ පාට නිසාම ඒක එච්චර තදින් කැපිලා පෙනුනේ නැතත් ඒ පැල්ලම්වල තිබුන තෙ⁣ත ගතිය තවමත් හොඳින්ම තුරැමිට දැනුනා.

තුරැමිගේ මුහුණේ තිබුන සියුම් කැපුම් පාරවල් වලින් වගේම වම් අතේ ටිකක් ගැඹුරට කැපිලා ගිහින් තිබිලා බේත් කරලා බැන්ඩේජ් කරපු අතෙනුත් දැනෙන වේදනාවට වඩා වැඩි ලොකු වේදනාවක් තුරැමිට එයාගේ ඇතුළාන්තයෙන් දැනෙමින් තිබුනා.

MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now