07. සිගරට් ගඳ

402 59 56
                                    

පුරැදු විදියටම හිරිපොඳ වැස්සක් නුවර පුරාවට පැතිරිලා තිබුනේ මීදූමත් සීතලත් එක්කමයි. තුරුමි හිටියේ එයාගේ කාමරේ ඇද උඩට වෙලා බැල්කනි එකේ ඇරලා දාලා තියන දොර දිහා බලාගෙනයි. සනීප බ්ලැන්කට් එකකට එයා ගුලි වෙලා හිටියත් සීතල දැනෙන එක අඩුවෙලා තිබුනේ නැහැ. පායලා තිබුනු හද නිසා ඒ සීතල තවත් වැඩි වෙලා තිබුනා.

ඒ එක්කම නහයට දැනෙන සිගරට් ගඳ නිසා තුරුමි එයාගේ නහය හකුලුවගෙන අනිත් පැත්ත හැරැනා. දැන් පැය බාගයක් තිස්සේ ඉදන් තුරැමිගේ කාමරේ බැල්කනි එකට වෙලා අර බූත මිනිහා සිගරට් බොනවා. පොඳ වැස්සටත් තෙමි තෙමි. හරියටම ගත්තම තුරැමිට මෙච්චර සීතලක් දැනෙන්නෙත් එයාගේ වැඩ නිසයි. එයා ඇදන් හිටපු කලු පාට බ්ලෙසර් එකයි හැට් එකයි තුරුමිගේ කණ්ණාඩි මේසය ඉස්සරහා තිබුනු පුටුව උඩ ඔහේ තිබුනා. ඒ දිහා ටික වේලාවක් බලන් හිටපු තුරැමි සම්පූර්ණයෙන්ම අනික් පැත්ත හැරිලා බ්ලැන්කට් එක සම්පූර්ණයෙන්ම පොරව ගත්තා.

ඇහැරගෙන ⁣සිගරට් බොන විකාර බූත මිනිහෙක් නිසා සීතලේ ඉන්න ඕනේ නැහැ නේ. ඒ වගේම තුරුමිට ලොකු තනිකමක් දැනෙන්න පටන් අරන් තිබුනා. එයා සන්සුන් විදියට හිටියත් එයාගේ හිත තිබුනේ දුකින් පිරිලා. මොකද දැන් මේ වෙද්දි බංගලාවේ ඉන්නෙත් එයයි වාර්තනුයි විතරයි. එයාට එයාගේ කියලා දැනෙන්න කෙනෙක් නැහැයි කියන හැඟීම තුරුමිව රිද්දුවා.

' නෑ... ටෙ...ටෙහාන්.. ඉන්නවා....එතකොට.. නූ...එයත් ඉන්නවා... එහෙම නැහැ..' තමන්ගෙම හිතත් එක්ක තර්ක කරන ගමන් තුරුමි එහෙම හිතුවත් එයාගේ ඇස්වලින් කඳුලු පේළියක් පහළට ඇදුනා.

ඒත් එක්කම සිගරට් ගඳ තදින්ම දැනෙන්න පටන් ගත්ත නිසා තුරුමි අනික් පැත්ත හැරුනා. ඒත් සිද්ධ වුනේ තුරුමි හීනෙකින්වත් නොහිතපු අදහාගන්න බැරි දෙයක්.

තුරුමි හිටියේ එකපා⁣රටම කඩාපාත් වුන ග්‍රීම් රිපර්ගේ අත්වලට මැදිවෙලයි. දරාගන්න බැරි සිගරට් ගදත් එක්ක දරදඬු අත්වලට හිරවෙලා ඉද්දි තුරුමිට දැනුනේ එයාගේ හුස්ම හිරවෙලා යන තරම් හැඟීමක්.

" මේ මොන විකාරයක්ද... එහාට යනවා..... මාව අතඅරිනවා.....!!! "

තුරුමි එයාගේ ගුලි කරගත්ත අත්වලින් තරැණයාගේ පපුවට පහර දෙන්න ගත්තා. තුරුමි කොච්චර එහාට මෙහාට වෙමින් දැඟලුවත් ඒක වැඩකට ඇති දෙයක් වුනේ නැහැ. ග්‍රීම් රිපර් එයාගේ ඇස් දෙකත් වහගෙන හරිම සැනසිල්ලකින් තුරුමිව තුරැල් කරගෙන හිටියා. අන්තිමට එයාගේ අත් රිදෙන්න ගත්ත නිසා තුරුමි දඟලන එක නවත්තලා එයාගේ මූණ දිහා බැලුවා.

MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now