02. එදා දවසට

649 73 53
                                    

" පුංචි... බේබි.. කාමරෙට ගිහින් ටිකක් නිදාගන්නකෝ..... පුංචි බේබිගේ අතටත් ආමාරැයි නේ...! "



තමන්ගේ තාත්තා දිහා ඔහේ බලන් හිටපු තුරැමි වාර්තන්ගේ හඬින් ගැස්සිලා ගියා. වාර්තන් දිහා බලපු තුරැමි එයාගේ මළානික ඇස්වලින් බංගලාවේ තරමක් විශාල උඳුනට උඩින් සවි කරලා තිබුන ඔරලෝසුව දිහා බැලුවා. රාත්‍රි දොළහ පහුවෙද්දි ඔරලෝසුවෙන් නිකුත් වෙන හුරැපුරැදු බෙල් රින්ග් එකත් නාදවෙලා පැය කිහිපයක් විතර ගත වෙලා තිබුනා. ඒ වෙද්දි බංගලාවේ ඉතුරැ වෙලා හිටියේ එයාලගේ වතුවල වැඩ කරන පිරිමි අය පිරිසයි... වාර්තනුයි තුරැමියි විතරයි.

හදිසියේම වැටුනු වැඩක් නිසා ටෙහාන්ට සිද්ද උනා කොළඹ යන්න. එකතු වෙලා හිටපු නැදෑ⁣ පිරිසත් බංගලාවේ සුවපහසු කාමරවලට නින්දට වැටිලා ඉද්දි තුරැමි තනියම එයාගේ තාත්තා දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස්වලින් කඳුලු වැටෙන එක නතර වෙලා තිබුනත් ඒ ඇස්වල කඳුලු පිරිලා තිබුනා. තුරැමි දිහා බලන් ඉන්න බැරිම තැන වාර්තන් එයා ගාවට ඇවිත් කතා කලා.


" අනේ.. පුංචි බේබි.. අතටත් ආමාරැ.. ඇති නේ... චුට්ටක් කාමරේට ගිහින් ඉන්නකෝ.. නැත්නම් මම බේබිට බොන්න මොනා හරි හදන් එන්නද..! "


" හ්...හ ඕනේ.. නැහැ වාර්තන්.. මම කාමරේට යන්නම්.. ! "



තුරැමිට එයාගේ තාත්තටත් වඩා වයස.. එයාට සීයා කෙනෙක් වගේ ළඟ වාර්තන්ව මහන්සි කරවන්න තිබුන අකමැත්ත නිසාම තුරැමි ලී තරප්පුපෙළ නැගලා එයාගේ කාමරේට ගියා. කාමරේට ආපු තුරැමිට දකින්න පුලුවන් වුනේ එයා මීට පැය කිහිපයකට කලින් බෙඩ් එක උඩින් ගලවලා දාලා ගිය එයාගේ රතු පාට පාටි ඩ්‍රෙස් එකයි. බෙඩ් එකේ කෙලවරකින් වාඩි උන තුරැමි ඒ ඩ්‍රෙස් එකේ රැදිලා තිබුන ලේ පැල්ලමක් දිහා බලන් හිටියේ ඩ්‍රෙස් එකේ කොනක් එයාගේ ඇඟිලි තුඩුවලින් අල්ලගෙනමයි. ඒ එක්කම එයා බෙඩ් එක ඉස්සරහා තිබුන කන්නාඩි මේසය දිහා බැලුවා. කන්නාඩියෙන් පේන එයාගෙම රෑපේ දිහා බලන් ඉද්දි තුරැමිට මතක් වුනා ඒ ඩ්‍රෙස් එක එයාට කොච්චර හුඟක් හොඳට ගැළපුනාද කියලා. ඒ ඩ්‍රෙස් එක එයාගේ තාත්තා එයාට ගෙනත් දීලා හිනාවුන විදිය තුරැමිට මතක් උනා.





MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now