12. අහිමි රෝස මලක්

391 64 94
                                    




" හැමෝටම පෙන්න ඉන්න පුලුවන් කියලා ඔයා මට කිව්වේ නැහැ නේ..."



තුරුමි කිව්වේ වාහනේ ඩ්‍රයිව් කරගෙන යන ග්‍රීම් රිපර්ට රවන ගමන්.


" හ්හ ඔයා කලින් ඇහුවේ නෑ... නේ... අනික මම කැමති වේලාවක මට එහෙම ඉන්න පුලුවන්.."


" අහ්... එතකොට.. සිගරට් ගන්නේ..."


" කඩෙන් තමා.. ගන්නේ... සල්ලිත් දීලා තමා... ගන්නේ..."


" ඇත්තට....? එතකොට සල්ලි කොහෙන්ද..? "



" මම කිව්වනේ.. මම කරන්නේ ජොබ් එකක්... අපිට ඕන කරන දේවල් ලබාගන්න තරම් බලයක් අපිට ඒකෙන් ලැබෙනවා.."




තරැණයා කිව්වේ එක අතක් වින්ඩ් ස්ක්‍රීන් එක දිහාවට බර කරගෙන තුරුමි දිහා බලාගෙනමයි. එයාගේ අනික් අතේ නහර ඉල්ලිපිලා ස්ටියරීන් වීල් එකට තද වෙලා තිබුනා.


" එතකොට ඔයා ලයිසන් ගත්තේ කවද්ද..? "


" බිලීව් මී ඩාලිං... කිසිම පොලිස් ඔෆිසර් කෙනෙක්ට මාව නවත්තන්න බැ..."




තරැණයා කිව්වේ ඇහැක් ගහන ගමන්. පැය කිහිපයකට පස්සේ තුරුමිගේ මුණට හිනාවක් නැගුනා. ඒ දිහා බලන් හිටපු තරැණයාගේ මුහුණ සැහැල්ලු හිනවකින් දැල්වුනා.

මීට පැය කිහිපයකට කලින් කඳුලු හෙලලාම හෙම්බත් වෙලා හිටපු තුරුමිව කාර් එකට නග්ගගත්ත තරැණයා එයාලාගේ ලොකේශන් එක නුවරට සටහන් කලා. කොළඹ... වගේම කලබලකාරි නගර පහුවෙන පැය දෙක තුනක්ම යනකල් තුරුමි හිටියේ වින්ඩ් ස්ක්‍රීන් එකට ඔලුව බර කරගෙන. එයා නිහඬ වෙලා හිටියත් එයාගේ බර සුසුම් වාහනේ තිබුනු නිහඬබව බිදිලා තිබුනා. තුරුමිගේ වේදනාකාරි ඇස් දිහා බලන එක මඟඇරපු තරැණයා කිසිම කතාවක් නොකර වාහනේ අරගෙන ගියා. මොකද තුරුමිගේ හැසීරීම් නිසා තරැණයා හිටියෙත් හොඳකින් නෙමෙයි.


තුරුමි තරමක් හරි කතා කලේ කෑගල්ල කිට්ටුවට ළං වුනාමයි. එතෙක් තරැණයාගේ හිතේ තිබුන නොසන්සුන්කම තුරුමිගේ හඬ නිසා නැති වෙලා ගියා. තුරුමි ඉන්නේ වේදනාවෙන් උනත් එයා ඉක්මනින් රිකවර් වෙයි කියන සිතිවිල්ල තරැණයාට දැනුනා.



MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now