10. ශැම්පේන්

395 57 31
                                    

ග්‍රීම් රිපර්ගෙන් ලැබුනු උපන්දින තෑග්ග නිසා තුරුමිට එයාගේ හිතත් එක වදවෙන එක ටිකක් මගඇරිලා ගියා. මොකද තුරුමි මොනවට හරි හිත නරක් කරගත්ත නම් ග්‍රීම් රිපර් එයා ඉස්සරහා මතු වෙලා මූණට එබෙන්න පටන් ගන්නවා.

" ලෙට් මී ගිව් මයි... ප්‍රසන්ට්.. "

" දිස් ඉස් යුවර් ෆෝත් ගිෆ්⁣ට්... "

" ඕහ් ඩාලිං..මේක කීවෙන ප්‍රසන්ට් එකද.. ට්වෙල්.. ඕර්.. තර්ටීන්...? "

ඔන්න ඔය විදියට සැරින් සැරේ එයාගේ කම්මුල්වලට පහත් වෙන තරැණයා නිසා තුරුමි හිටියේ පුපරන්න ආසන්න පීච් ගෙඩියක් වගේ වෙලා. අන්තිමට තුරුමිට තේරැම් ගියා එයා හිත නරක් කරගන්නිද්දි තමා මේ තෑගි සෙල්ලම වෙන්නේ කියලා.. ඉතින් තුරුමි ඒක නවත්තගන්න ⁣උපරිමයෙන්ම ට්‍රයි කලා.

දවස් දෙකක තෑගි විකාරයකට පස්සේ තුරුමි එයාලාගේ හොටෙල්ස් කිහිපයක් විසිට් කරන්න ඩේට්ස් ෆික්ස් කරගත්තා. යුනිවර්සිටි එකේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර නොවුනත්.. එයා ඉන්නේ නිදහස් තත්වයක නිසා තුරුමි මේ තාක් මඟඇරැනු එයාලගේ බිස්නස් ටික නැවතත් බලන්න තීරණය කලා. මොකද ටෙහාන්ට තනියම ම එයාගේ බිස්නසුත් දීලා හිරකරන්න තුරුමි කැමති වුනේ නැහැ. එයාලා ඔක්කොම තවමත් තරැණයි.

ටෙහාන්ට තුරුමිගේ බත්⁣ඩේ එක අමතක වුනත් කලින් දවසේ උදේම ටෙහාන් තුරුමිව බලන්න ආවේ එයාට ගිෆ්ට් ගොඩකුත් අරගෙන. තුරුමිගේ බත්ඩේ එක එදා කියලා එයා දැනගෙන තියන්නේ වට්සැප් ස්ටේටස් එකකින්ලු. බීසි ශෙඩුල් එකත් එක්ක තමන්ට ඒක අමතක වෙලා වගේම තුරුමි ඉස්සරහා ටෙහාන් ⁣ඒ ගැන කියලා සමාව ඉල්ලුවා.

ටෙහාන් එක්ක තරහා වෙලා ඉන්න පුලුවන්කමක් තුරුමිට තිබුනේ නැහැ වගේම ටෙහාන් තුරුමිව තුරැල් කරගෙන කියපු ආදරේ හිතෙන දේවල් නිසා තුරුමි එයාගේ හිතේ තියන දේවල් ටිකින් ටික පැත්තකට දාන්න තීරණය කලා. අනික ග්‍රිම් රිපර්ගේ තෑගි සුස්තර නිසාත් ඒ දේවල් තුරුමිගේ ඔලුවෙන් බැහැරකට ගියා.




" ඕහ්.... මයි ගෝඩ්.... යූ ලුක් සෝ සෙක්සි... යන්ග් ලේඩි..."

පඩිපෙළ බැහැගෙන එන තුරුමිගේ හීල් හඬින් පහළ ටීවි එකේ ඩ්‍රාමා එකක් බල බල හිටපු නුවිගේ අවධානය සම්පූර්ණයෙන්ම එයාට ලැබුනා. කලු පාට ටයිට් ස්කර්ට් එකකට ඩාක් බ්ලු කලර් බ්ලවුස් එකක් තුරුමි තෝර ගත්තේ හොටෙල්ස් දෙකකම මැනේජ්මන්ට් එක අද එයා මීට් වෙන නිසා. වයස අඩු වුනත් ටිකක් මැචුව විදියට හැසිරෙන්න ඕනේ කියන කාරණාව ගැන තුරුමි හොඳින්ම දැනගෙන හිටියා. බිස්නස් ෆිල්ඩ් එක ගනුදෙනු කරන තරැණියක් වුනාම එහෙම වෙන්න ඕනේ. නැත්නම් එයාට එයා යටතේ ඉන්න සේවකයන්ව හරියට හසුරුවන්න අපහසු වෙනවා.

MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now