06. බූත මිනිහා

426 59 67
                                    

පහුවෙනිදා උදේ වෙද්දි බංගලාව කලින් තිබුනු තත්වයටම ඇවිත් තිබුනා. කාමරේකට දාලා තිබුන සෝෆා වගේම විසිතුරැ භාණ්ඩ ආයමත් කලින් වගේම සාලේ තිබුනා. තුරුමි නිදිමතේ පහළට බහිද්දි බංගලාව එළියේ තිබුනු ⁣සුදු කොඩි ටෙන්ට් ව⁣ගේ දේවලුත් ආපහු අරන් යන්න ලොරියකට පටවන ගමන් තිබුනේ.

" පුංචි.. බේබි.. නැගිටලා නේ.. මම හිතුවේ තව ටිකක් නිදාගනි කියලා.. ඉන්නකො.. මම ඉක්මනින් කිරි එකක් හදාගෙන එන්නම්.. නූවී නෝනායි.. ⁣ටෙහාන් මහත්තයායි යනවා නේද... දැන්...."


" කිරි ඕනේ... නෑ.. වාර්තන්.. මට කෝපි එකක් හරි නෙස්කැෆේ එකක් හරි ගෙනත් දෙන්න.. ටෙහාන්.. කම්පැනි එකේ වැඩකට යන්නේ.. එදා තාත්තායි මමයි ආවෙත් මීටින් එකකට..නේ.. ඒවාට මොනා උනාද දන්නැ.. කැම්පස් එකේ... අපේ අසයින්මන්ට් බාරදෙන්න ඕනේ.. නේ. නූවී ඒ නිසා යන්නේ...."

" හරි.. හරි... පුංචි බේබි.. ඉන්නකෝ.. මම ටක්ගාලා එන්නම්..."




වාර්තන් කුස්සියට ගියාට පස්සේ තුරුමි ළඟ තිබුනු සෝෆාවකින් වාඩි උනා. ඒ එක්කම වගේ බෑග් එකකුත් කරේ බැඳගෙන නුවී හරි හදිසියෙන් පහළට ආවා.



" අඩොහ් පරක්කුයි... තෝ මාව ඇහැරැවේ නැත්තේ... ඇයි ගැනියේ...? "


නූවි බෙරිහන් දුන්නත් තුරුමි කලේ මවාගත්ත හිනාවකින් ඒ දිහා බලන් හිටපු එකයි. ඒ එක්කම වගේ ටෙහාන්ගේ අම්මයි තාත්තයි පහළට ආවා.

" ගුඩ්මෝර්නින්.. රැමි බබා... කෝ වාර්තන් නැද්ද තේ එකක්වත් බොන්න.."

" ටෙහාන්.... පුතා.. අපිට පරික්කුයි.. ඉක්මනට එන්න..."

ටෙහාන්ගේ අම්මා කියද්දි තුරුමි හිනාවුනත්.. නුවී ඇස් දෙක උඩට රෝල් කරන ගමන් අහක බලාගත්තා.

" වාර්තන්.. මෙයාලාට ⁣කිරි තේ අරන් එන්නකෝ..."

" අම්මේ... ඔයාලට.. නුවීවත් එක්කගෙන යන්න පුලුවන් නේ.. "

වාර්තන්ට ටිකක් හයියෙන් කතා කරපු තුරුමි ටෙහාන්ගේ අම්මා පැත්තට හැරිලා හිනාවෙලා ඇහුවා.

" ඔව්... ඔව්... පුතා.. කාර් එකේ යන්න පුලුවන්නේ... අපි එක්ක.."



MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now