11. පළමු ඉල්ලීම

410 63 16
                                    



දවස් ගත වුනේ හිමින් වගේම ඒ ගෙවුණු දවස්වල යම් හිඩැසකුත් තියන බව තුරුමිට තේරැනා. ඒ හිඩැසට හේතුව එකවරම එයාගේ ජිවීතේට කඩාපාත් වුන ග්‍රීම් රිපර් කියන්නත් එයා තේරැම් අරගෙන හිටියේ. ටෙහාන් එක්ක ඩිනර් එකට ගියාන් පස්සේ තුරුමිටත් කලින් වෙහිකල් එකෙන් බැස්ස ග්‍රීම් රිපර් ඒ මොහොතේ ඉදන් මේ දක්වාම.. හරියටම ගත්තම සති දෙකක් ⁣ගත වෙලත් තුරුමිගේ ඇස් ඉස්සරහට ඇවිත් හිටියේ නැහැ. එකඅතකට එහෙම වෙන එක හොඳයි කියලා තුරුමිට හිතුනත්.. ඒ හිතුන තරමට වඩා දශමයක් හරි වැඩියෙන් ඒක එහෙම නොවුනා නම් කියන සිතුවිල්ල තුරුමිට වද දුන්නා.



" ඕයි...... අන්න ඔහේගේ නැන්දම්මයි..  මාමාණ්ඩියි ඇවිත්.. වෙඩින් එකට ඩේට් ෆික්ස් කරගන්න වෙන්නැති...! "


ගාඩ්න් එකේ තිබුනු බෙන්ච් එකකට වෙලා ඉදගෙන ඈත අහස දිහා බලාගෙන හිටපු තුරුමි ගැස්සිලා ගියේ නුවීගේ නොරිස්සුම පිරිලා ගිය හඬින්. නුවී හිටියේ තුරුමි එක්ක තරහකින් මොකද දවස් කිහිපයකට කලින් ටෙහාන් වගේම ටෙහාන්ගේ පේරන්ට්ස්ලා කියපු දේවල් ගැන තුරුමි නුවීට කියද්දිම නූවි එතනින් නැගිටලා යන්න ගියේ ඉදගෙන හිටපු පුටුවත් සද්දෙන් බිමට අතඇරලයි. ඒ දවසේ ඉදන් නුවි තුරුමි එක්ක කතා කලේ ඕනම කරන දේකට විතරක් වෙද්දි තුරුමි හැමතිස්සෙම උත්සහ කලා නුවිව යාලු කරගන්න. ඒත් නුවි කොයිතරම් කේන්තියකින් හිටියත් එයාට හිටියේ තුරුමිව අත්ඇරලා යන්න බැරිකමකින්.

" නූ.... පොඩ්ඩක් මම කියන දේ.."


තුරුමි පුටුවෙන් නැගිටින ගමන් කිව්වත් නුවි ගාඩ්න් එකේ කෙලවරකට යන ගමන් හිටියේ එයාව වගේම ටෙහාන්ගේ පේරන්ට්ස්ලාවත් කිසිම තැකීමක් නොකර විදියට. හුස්මක් පාත දාපු තුරුමි ගේ ඇතුළට ඇවිදගෙන ගියා.




" ගුඩ්මෝනින්.. මමා.. ගුඩ්මෝනින් ඩැඩා.."



" ගුඩ්මෝනීන් දරැවො.."


මිසිස් නයෝමිව යන්තමට වැළදගත්ත තුරුමි එයාලා ඉස්සරහින් වාඩි වුනා.

" සවිඳා ආන්ටි.. අපිට බොන්න මොනා හරි.. ඇරෙන්ජ් කරනවද..? "

" හරි බේබි.."

MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now