පොද වැස්සත් එක්ක රාත්‍රීය මද සීතල ගතියකට හැරිලා තිබුනා. නමුත් ඒ වෙද්දිත් බංගලාව මිනිස්සුගෙන් පිරිලා ගිහින් තිබුනේ මිස්ටර් පළිහවඩන වෙනුවෙන් සුදානම් කරපු දානය නිසයි. බංගලාවේ විශාල දොරට හේත්තු වෙලා හිටපු තුරැමි මේ දිහා නිහඬවම බලන් හිටියා. හැම මනුස්සයෙක්ටම හොඳ ජීවිතයක් ලැබෙන්නේ නැහැ. එතකොට හරියට කන්න වත් නැතුව ජීවත් වෙන වතුවල වැඩ කරන මිනිස්සුන්ට ලැබෙන මේ කෑම වේල විශේෂයි කියන්න තුරැමි දන්නවා.
" නිදාගමු නේ... ඕයි... හරියට නින්දක් නෑ නේ... මේ ටිකේ... "
" බඩගිනිත්...එක්ක.."
නුවිගේ හඬින් තුරැමි එයා ගාවට ආපු නුවී දිහා බැලුවා. ලා රතු පාටට හැරිලා බොර වෙලා තියන තුරැමිගේ ඇස් දකිද්දි නුවීට හුඟක් රිදුනා. හුස්මක් ගත්තු නුවි තුරැමිගේ උරහිස්වලින් අත් යැව්වා.
" මට බඩගිනි නෑ.....නූවි... "
" හරි... හරි.. කමන්නැ... එහෙනම් නිදාගනින්කො..."
" මට නිදිමත නෑ... බං.. "
" කමක් නෑ...ඇදට යමකෝ... නින්ද යයි.. වරෙන් වරෙන්.."
තුරැමිව ඇදගෙන කාමරේට ආපු නුවි තුරැමිව වොශ්රෑම් එකට තල්ලු කලා. තුරැමි වොශ් කරගන්නකල් නුවී ඇද උඩට වෙලා ෆෝන් එක බල බල හිටියා. වොශ් කරලා සැහැල්ලු ඇඳුමකට බැස්ස තුරැමිව ඇදට දාලා බෙඩ්ශිට් එකත් පොරවපු නුවී ඒ ළඟින්ම ඇලවුනා.
" උඹ යමන්කෝ.......මම නිදාගන්නම්..! "
" පල යන්න ගෑනියේ... තෝ නිදාගත්තම තමා මම යන්නේ.. නිදාගනින්..."
" හරි... හරි.. වදේ.. මේ.. ටෙහාන්... "
" ඌ.. පහළ හිටියා ගෑනියේ... මං දැක්කා බොගේ නැන්දම්මා උට තඩි බත් එකක් බෙදන් යනවා.."
" හ්ම්මම... උඹ කෑවද.. ? "
" පස්සේ.. කන්නම්...තොටත් බඩගිනි නෑ නේ... කටවහන් නිදාගන්..."
නුවීගේ කෑ ගැහිල්ල නිසා කටවහගත්ත තුරැමි නුවීට අනික් පැත්ත හැරිලා ඇස් දෙක වහගත්තා.
" මේ...."
" මොකද...යකොහ්..."
" අර...මේ... රතු පාට..කුඩේ..."
YOU ARE READING
MR.GRIM REAPER || SINHALA || COMPLETED
Short Story" ක...කවුද.....? ඔයා.. ? " " නම කිව්වට ඔයා දන්නැ...!! " I Saw Your Eyes Near My Death..... & I Love You Beyond My Death..... Start :- 2023.03.05 End :- 2023.06.08 Boy × Girl A Story By Ayo