04. සමුගැන්ම

434 64 14
                                    

Present

පැය කිහිපයක නින්දකින් තුරැමි එකපාරටම ඇහැරැනා. මීට දවසකට කලින් සිද්ධ වුන දේවල් එකින් එක එයාගේ මතකයට එන්න පටන් අරන් තිබුනු නිසා ඒ නින්ද එ තරම්ම සුවදායක උනේ නැහැ. එයාගේ තාත්තාගේ ⁣ලේ වලින් පෙඟිලා ගිය මුහුණ මතක් වෙන වාරයක් ගානේම එයාගේ ඇතුලාන්තය එයාටම හරිම ගැඹුරින් රිද්දගත්තා. කඳුලු පිරැනු ඇස් අත්වලින් පිහිදගත්ත තුරැමි එයාගේ බෙඩ් එක ගාවම තිබුනු සයිඩ් ටේබල් එක උඩ තිබුන ඔරලෝසුව දිහා බැලුවා.

වේලාව පාන්දර පහයි දහයට ආසන්න වෙලා තිබුනා. අඩුම තරමින් එයාට පැය දෙකකට වඩා වැඩි නින්දක් ලැබිලා. බෙඩ් එකෙන් බැහැ ගත්තු තුරැමි වොශ්රෑම් එක ඇතුළට ගිහින් වතුර කරාමය යටින් හිට ගත්තා. සාමාන්‍යයෙන් වතුර උණුසුමකින් එන්න තිබුනු කරාමය මුලුමනින්ම විරැද්ධ පැත්තට කරකවපු තුරැමි නිරැවත් එයාගේ සිරැර සීතල වතුර වලින් වැහිලා යන්න සැලැස්සුවා. විනාඩි කිහිපයකට පස්සේ දැනෙන සීතල දරාගන්න තුරැමි එයාගේ උරහිස් එයාගෙම අත්වලින් තද කරගත්තා. සීතල වතුර එක්ක තුරැමි එයාගේ කඳුලු වලට ගලාගෙන යන්න ඉඩ දුන්නත් ඒක ඉවරයක් වෙන්නැති දෙයක් නිසා විනාඩි හතළිහකට පස්සේ තුරැමි වොශ්රෑම් එකෙන් එළියට ආවා.

සැහැල්ලු දිගු සුදු ගවුමකින් සැරසුන තුරැමි එයාගේ රෑම් එකෙන් එළියට ආවා. තරප්පු පෙළ බැහැගෙන යද්දි තුරැමිට මතක් උනා අද සෙනසුරාදාවක් කියලා. තව දවස් කිහිපයක් එයාගේ තාත්තාව ළඟ තියාගන්න... තව හුඟ කාලයක් එයාව ළඟ තියාගන්න තුරැමිට ඕන උනත් එයාට ඒ කිසිම දෙයක් කරගන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. හිත කොයිතරම් හඬාවැලපුණත් සම්මත විදියට තාත්තාගේ අවසන් කටයුතු කරන්න ශක්තිමත් වෙන්න එයාට සිද්ධ වුනා.

ඇත්දළ වලින් ආරක්ෂා වෙලා පිත්තල බඩු වලින් සැරසිලා මල් පොකුරැ ගොඩක් එක්ක සන්සුන් විදියට සැතපිලා ඉන්න එයාගේ තාත්තා දිහා තුරැමි බලන් හිටියා.

" බේබි... මේ කිරි තේ එක බොන්න..! "

වාර්තන්ගේ හඬින් ගැස්සිලා ගිය තුරැමි එයා දිහා ඔළුව උස්සලා බැලුවා.

" අහ්... අර ටෙහාන් මහත්තයාත් එන්නේ..! "

" රෑ... බබාහ්...! "

MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now