09. උපන්දින තෑග්ග

377 59 50
                                    

තුරුමිගේ ෆයිනල් එක්සෑම් එක යෙදුණු දවස් ළං වුනේ ⁣දැනෙන තරමේ වේගයකින්. තුරුමි වගේම නුවීත් එක්සෑම් එක වෙනුවෙන් එයාලාගේ උපරිමයෙන් මහන්සි වුනා. නමුත් තුරුමිගේ හිත තිබුනේ ඇවිලිල්ලක. පොත් දිහා බලන් ඉද්දි... කෑම කද්දි... නිදාගන්න ඇස් පියවෙද්දි... ඇස් අරින තත්පරේදී.. තුරුමිගේ හිත එයාටත් හොරාම ප්‍රශ්න කරන ගමන් මැසිවිලි නගන්න පටන් අරන් තිබුනා.

එදා හවස ග්‍රීම් රිපර්ගේ මුරණ්ඩුකම නිසා තුරුමි දැක්කේ ටෙහාන්ගේ ෆෝන් එකේ තියෙයි කියලා එයා කවදාවත් ⁣බලාපොරොත්තු නොවුන දෙයක්. තුරුමිට ඕන වුනේ ඒ හැමදෙයක්ම එයාගේ ඔලුවෙන් අයින් කරලා දාන්න. එහෙම දෙයක් කවදාවත් ⁣නොවුන විදියට හැසිරෙන්න. ඒත් තත්පර ගානකට එයාගේ ඇස් නතර වුන ඒ ටෙක්ස්ට් මැසේජ් කිහිපය තුරුමිගේ මතකයෙන් ගිලිහුනේ නැහැ. එයා කොයිතරම් නම් ස්ටිඩී කලත්... ඒ දේවල්වලටත් වඩා වේගයෙන් එයාට ඒ පුංචි දේ මතක හිටලා තිබුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටෙහාන්.....................


ටෙහාන් සවිඳු කොඩිතුවක්කු......



ඒ කියන්නේ තුරුමිට ඉතුරැ වෙලා තිබුන වටිනම බැඳීම. තුරුමි ආද්‍යා පළිහවඩනගේ ජිවීතේ රැදිලා තිබුනු ශක්තිමත්ම බැඳීම.. තුරුමි හිතන විදයට. නුවී එයා ගාව ඉන්නවා කියන එක ඇත්තක්. නමුත් අපි ජිවිතේට උදව්වක්.. වාරැවක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්... ජිවිතේ ඉතුරු කාලේ ගත කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හිටියා නම් තුරුමිට ඒ ටෙහාන්ම විතරයි.

ඇරත් ටෙහාන්ව එයාට ළං කලේ එයාගේ තාත්තාමයි. ඉතින් තුරුමි හිටියේ ඒ දේවල් විශ්වාස කරන්න පුලුවන් තත්වයක නෙමෙයි. ඒ වගේ අවස්ථාවක ඉන්න ඕනම කෙනෙක් හැසිරෙන්නේ ඒ විදියටමයි. අපිට තියන අන්තිම බලාපොරොත්තුව.. අන්තිම රැකවරණය අත්හරින්න නොහිතා.. ආමාරැවෙන් හරි.. අන්තිම තත්පරය වෙනකල් ඒ අත අල්ලගෙන ඉන්නයි අපි උත්සහ කරන්නේ. තුරුමි කලෙත් ඒකම විතරයි.

MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now