15. මරණයෙන් ඔබ්බට

576 81 120
                                    

ග්‍රීම් රිපර් හිටියේ හෝර්ස් රේසින් යන පිටියක. අශ්වයින්ට ඔට්ටු අල්ලලා දගලලා කෑ ගහන මිනිස්සු දිහා තරැණයා බලන් හිටියේ ලොලිපොප් එකකුත් එයාගේ තොල් අතරේ රදවගෙන.

" ඊව්ව... බෝරින්ග්......!! "

ගෙවුණු දවස් පහට බලන් ඉන්න ආස දෙයක් හොයන්න තරැණයා හුඟක් මහන්සි වුනා. මොකද එයාගේ හිතේ ඇදිලා මැකිලා යන තුරුමිගේ රැව එයාව නොසන්සුන් කලා.

' තුරුමි කියන්නේ බලන් ඉන්න ආස හිතෙන දෙයක්...! '

තරැණයාගේ හිත එහෙම කියන ගමන් කෑ ගැහුවත් තරැණයා එයාගේ හිත අගුලුදාලා තිබුනා. නමුත් අගුලු බිදගන්න හිතට මහ වෙලාවක් ගත වෙන්නෙත් නැහැ.

තරැණයා එයාගේ දැහැනින් මිදිලා ගියේ සියුම් බෙල් රින්ග් එකකට පස්සේ එයාගේ අතට බ්ලැක් කලර් කාඩ් එකක් වගේම ගෝල්ඩ් කලර් කාඩ් එකකුත් ඇවිත් තිබුන නිසා.

" සෙල්ෆ් හාමින්.... කරගත්ත හොඳ මනුස්සයෙක්... ඕකේ... මාව ගෙනියන්න... එයා ඉන්න තැනට...!! "

තමන්ගේ අත් අතර හිරවුන කාඩ් පතට අවධානයක් නොදුන්න තරැණයා එයාගේ ඇස් දෙක වහගන්න ගමන් මිමිණුවා. ඊට තත්පරයකට පස්සේ තරැණයාට දැනුනේ එයාගේ සිරැරටම දැනුන ලුණු මිශ්‍ර පරිසරයක්.

"  සිරියස්ලි...බීචි එකට පැනලා...ද..? "

තරැණයා එයාගේ ඇස් පුදුමයෙන් විවර කලා. බ්ලැක් කලර් කාඩ් එකක් ලැබෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම සෙල්ෆ් හාම් කරගත්ත කෙනෙක්ට ලැබෙන පනිශ්මන්ට් එක. අවුරැදු දහස් ගණනක් ග්‍රීම් රිපර් කෙනෙක් විදියට බැදිලා ඉන්න එක. ඒ මොක කලත් ගෝල්ඩ් කලර් කාඩ් එකෙන් කියවෙන්නේ... ඒ මනුස්සයා හොද කෙනෙක් බව. මොකද ගෝල්ඩ් කලර් කාඩ් එක ලැබෙන්නේ එහෙම කෙනෙක්ට.

තරැණයා ඉක්මනින්ම එයා අතේ තිබුන කාඩ් එක දිහා බැලුවා. කලු පාට පසුබිමේ රිදී පාටට ලියවුන ඒ නම දකිද්දි තරැණයාට දැනුනේ එයාගේ හුස්ම හිර වෙන බවක්.

" ආ....ආද්‍යා......!!!! "

තුරුමි ආද්‍යා නමින් ලියවුන ඒ කලු පාට කාඩ් එක අතට හිර කරගන්න ගමන් තරැණයා වටපිට බැලුවා. එයාගේ ඇස් නතර වුනේ කලු පාට ඩ්‍රෙස් එකකට... බ්ලැක් කලර් හීල්ස්.. ග්ලවුස්.. වගේම හැට් එකකුත් දාලා හිටපු තුරැමිව දකිද්දියි.



MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now