13. ගීත්ම රැද්‍රිගෝ

345 67 40
                                    



තුරුමි එයා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ හෝල් එකේ හිටපු පිරිස වැඩි හරියක් ඉවත් වුනාට පස්සෙයි. එයාට කලබලයක් නොතිබුනා වගේම නාට්‍ය නිසා අමුතු වේදනාවක් එයාට දැනුනා.

" මේ මනුස්සයාත් නැ.. දැන්... ඒපාර..."

ග්‍රීම් රිපර් තමන් ළඟ නැති එක තේරැම් ගිය තුරුමි එයාටම මුමුණ ගන්න ගමන් හෝල් එකෙන් එළියට ආවා. ඒ එක්කම එයාට ඇහුනේ හුරැපුරැදු හඬකින් එයාට කතා කරන විදිය.


" තුරුමි......!!! "

" රනුක...!! "

" එක්සෑම් ලිව්වද අප්පා ඔයා.. මම හරියට දැක්කෙත් නෑ.. ⁣"



රනුක කියන්නේ තුරුමිගේ බැච්මේට් කෙනෙක්. තුරුමි එක්ක හිනාවෙමින් රනුක ආගිය දේවල් කතා කරා.

" ලිව්වා... ලිව්වා බ්‍රෝ.... ඔයත් රෝස මලක් බලන්න ආවද... කෝ ඉමාදි.. නැද්ද...? "

" අහ්හ.. එයා.. කොළඹ නේ.. එයාට ඉන්ටන් ඇවිත්... නේ..."

" සෝ...කෙල්ල කොළඹ ඉද්දි කොල්ලා නුවර ඇවිත් එන්ජෝයි කරනවද..? "

" නෑ... අප්පා.. මේක කරන්නේ මගේ අයියානේ... ඒකයි ටිකක් මේ පැත්තේ ආවේ එයාට හෙල්ප් එකට.. "



රනුක කියද්දි තුරුමි හිනාවෙන ගමන් ඔලුව වැනුවත් එයාගේ හිතට ක්ෂනික අදහසක් පහළ උනා.

" රනුක... එතකොට මේ ඩ්‍රාමා එකේ අන්තිමට තිබුනේ කාටද මන්දා ඔනර් කරලා.. ඒක..ඒක..රියල් ස්ටෝරි එකක්ද..? "



" අහ්... ගීත්ම අයියා... ඔව්... ඒ අයියාගේ යාලුවෙක්.... අයියාගේ මේ ඩ්‍රාමා එකේ හිටපු මේන් ඇක්ටර් එයා... සකු අක්කා මේන් ඇක්ට්‍රස්..."



රනුක කියද්දි තුරුමිගේ හිත බර වෙලා ගියා. 


" අයියාව.. හම්⁣බවෙන්න බැරිද.. රනුක ? මට මේ ගැන දැනගන්න... ආසයි.."


" ම්මම... යමුකො.. ඒත් ඒක ටිකක් ආමාරැ වෙයි..... "


රනුකගේ මුහුණේ හැඟීම් මුලුමනින්ම වෙනස් වෙලා ගියත් එයා තුරුමි එක්ක හෝල් එක පිටිපස්සට ගියා. කොරිඩෝව කෙලවරම තිබුන රෑම් එකට එයාලා ඇතුල් වෙද්දි එයාලාට වඩා අවුරැදු කිහිපයක් වැඩිමහල් තරැණයෙක් හිටියේ ස්ක්‍රිප්ට් එකක් බලන ගමන්.


MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now