08. හුරුපුරුදු උණුසුමක්

441 65 46
                                    


ගත වෙමින් තිබුනේ ඉරිදාවක් නිසා පාරවල් වල පොඩි තදබදයක් තිබුනා. ඒත් ඒකෙන් තුරුමි ඩ්‍රයිව් කරගෙන ගිය වේගයට බාධාවක් උනේ නැහැ. එයා හරිම සැහැල්ලුවකින් ඩ්‍රයිව් කරගෙන ගියා. තුරුමිට බාධාවකට කියලා තිබුනේ සැරින් සැරේ වෙනස් වෙන සිංදු තොගය විතරමයි. හොඳයි ඒකට හේතුව උනේ කවුද කියලා දැනටමත් හිතාගන්න පුලුවන් නේ.


" ෆෝ..... ගෝඩ්සේක්......!!! එක සිංදුවක් තියනවාකො....!!!! "


තුරුමිගේ කෑගැහිල්ලට ප්ලේයර් එක ඔබමින් හිටපු ග්‍රීම් රිපර්ව ගැස්සිලා ගියා. තත්පර කිහිපයකින් හරි තත්වයට ආපු තරැණයා ඇස් හීනි කරගෙන තුරුමි දිහා බලන් හිටියා.


" ඒත් මේ මඟුල් අහන්න පුලුවන්..... ද...? "


" එහෙනම් ඕක වහලා දානවා...!! "

" එතකොට හෙනම බෝරිං නේ ඩාලිං..."



තරැණයා ආයමත් ප්ලේයර් එකේ සිංදු මාරැ කරන්න ගත්තම තුරුමි හුස්මක් පාත දාලා ඔලුව හොලවගත්තා.

' තේරැමක්.. නෑ... තේරැමක්.. නෑ... මේවා මේ යකාට කියලා කිසිම තේරැමක් නෑ...' තුරුමි හිතින් එයාටම මුමුණ ගත්තා.





" මේ බලන්න..... ශිට්.. මොනාද මේ... බුට් සිංදුවලට රිමික්ස් කරලා.. දැන් අඩන්නද.. ඕනේ.. නටන්නද...? "



තරැණයා මූණ හකුලුවගෙන කියද්දි තුරුමිගේ මුහුණින් හිනාවක් එළියට ආවා. මොනවා උනත් ඒ කිව්වේ ඇත්තක් නේ. කාර් එක පැත්තකට අයින් කරලා නවත්තපු තුරුමි එයාගේ ෆෝන් එක අරගෙන ඒක බ්ලුටූත් කනෙක්ට් කරලා ස්පොටිෆයිවල එයා කැමතිම ප්ලේ ලිස්ට් එක ප්ලේ කරා.





' ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ.....'




තුරුමි ආයමත් ඩ්‍රයිව් කරන්න ගත්තම තරැණයා තුරුමි දිහා ටික වෙලාවක් බලන් ඉදලා පහුවෙන පාරවල් දිහා බැලුවා. තුරුමිගේ ආසම ප්ලේ ලිස්ට් එකයි.. හදිසියේ පටන් අරන් තිබුනු පුංචි වැස්සත් එක්ක ඒ ගමන උණුසුම් සුවපහසු ගමනක් වෙලා තිබුනා.



හවස තුනත් පහු උනාට පස්සේ තුරුමි කාර් එක රෙස්ටුරන්ට් එකක් ගාවින් නතර කලා. එකදිගට ඩ්‍රයිව් කරලා පුංචි කම්මැලිකමක් වගේම බඩගින්නකුත් එයාට ඇතිවෙලා තිබුනා. තුරුමි රෙස්ටුරන්ට් එකට යන දිහා ග්‍රීම් රිපර් කිසිම සද්දයක් නැතුව බලන් හිටියා. විනාඩි කිහිපයකට පස්සේ එයත් තුරුමි ඇතුළට ගිය තැනින්ම රෙස්ටුරන්ට් එක ඇතුළට ගියා. තුරුමි ඉදගෙන හිටපු ටේබල් එකට ඒ වෙද්දිත් බිරියානි පිඟානක් එක්ක සැලඩ් ⁣වගේම චිකන් කරි එකකුත් පිළිගන්වලා තිබුනා.

MR.GRIM REAPER || SINHALA || COMPLETEDWhere stories live. Discover now