තුරැමිගේ අතට දාපු ඩයමන්ඩ් රින්ග් එක වගේම තුරැමිගේ අතත් යන්තමින් සිපගත්ත ටෙහාන් පැටලුනු එයාලගේ අත්වලින් තුරැමිව එයා ගාවට ළං කරගත්තා. තත්පර කිහිපයක් හැඟීම් පිරැනු ඇස්වලින් එකිනෙකා දිහා බලන් හිටියට පස්සේ ටෙහාන් හිනාවෙලා තුරැමිගේ පිරැනු තොල් වලින් හාදුවක් තිබ්බා.එන්ගේජ්මන්ට් එක වෙනුවෙන් රැස් වෙලා හිටපු හැමෝම සතුටු හිනාවලින් පිරැනු මුහුණු එක්ක මේ දිහා බලන් හිටියා. දිලිසෙන ඩයමන්ඩ් රින්ග් එක දාපු තුරැමිගේ වම් අත වගේම රීදි මුද්දකින් හැඩවුන ටෙහාන්ගේ දකුණු අතත් ඉන් පස්සේ එකටම පැටලිලා තිබුනා. තුරැමි එක්කම පැටලුනු අත්වලින්ම කේක් එක කැපුවට පස්සේ ටෙහාන් ශැම්පේන් බොට්ල් එක පෙණ එක්ක ඈතකට විසිවෙන විදියට විවිර කලා. ඊට පස්සේ සාමාන්‍ය විදියට එන්ගේජ්මන්ට් එක ගලාගෙන ගියා. රසවත් කෑම බීම වගේම සංගීත සහ නැටුම් වලින් රැස් වුන අමුත්තෝ විනෝද වෙන්න පටන් ගත්තා.
ඩාන්ස් ෆ්ලෝ එකේ තුරැමිවයි ටෙහාන්වයි වට කරගෙන ඩාන්ස් කරන එයාලාගේ යාලුවෝ දිහා බලන ගමන් සතුටු වුන මිස්ටර් පළිහවඩනට හෝල් එකෙන් ටිකක් ඈතට යන්න වුනේ ඒ වෙලාවේ එයාට ලැබුනු වැදගත් ඇමතුමක් නිසයි.
" ඕකේ.. මිස්ටර් චමිත්.. ඒක අපි ඒ විදියට කරමු.. තුරැමිවයි ටෙහාන්වයි.. ලබන සතියේ වෙද්දිම.. ඩිරෙක්ටර් බෝඩ් එකට මුණගස්සමු.. කොහොමත්.. මම මගේ ප්‍රොපටීස් ඔක්කොම තුරැමිගේ නමට හරවලයි තියෙන්නේ...! ඕකේ.. රයිට්.. රයිට්.. ගුඩ්නයිට්.. "
මිස්ටර් පළිහවඩන එයාගේ පෞද්ගලික නීතිඥයා වුන චමිත් එක්ක කෙරැනු සංවාදයට පස්සේ එයාගේ ෆෝන් එක ආයමත් කලිසම් සාක්කුවට දැම්මා. ආයමත් යන්න හැරැනු මිස්ටර් පළිහවඩන හිටිතැනම නතර වුනේ එයාට ටික දුරකින් ඇහෙන කතාබහ නිසයි.
" ඩොන්ට් වොරි.. කස්තුරි.. අපි නෙක්ස්ට් වීක් එකේ ලෝන් ටික සෙට්ල් කරගන්න ඩේට්ස් ෆික්ස් කරගමු.. මේ දවස් ටිකේ මම ටිකක් බිසි වෙලා හිටියේ... ටෙහාන්ගේ එන්ගේජ්මන්ට් එක නේහ්... යස් යස්.. ඔයා දන්නවා නේද.. මිස්ටර් පළිහවඩනගේ.. දුව.. ඔව්.. ඔව්.. ආද්‍යා හොටෙල්ස්වල ඕනර්ගේ දුව තමා... සෝ.. ඩෝන්ට් වොරි.. මම ඉක්මනින් පේ.. කරනවා.. කෑෂ් වලින්ම...! "
YOU ARE READING
MR.GRIM REAPER || SINHALA || COMPLETED
Short Story" ක...කවුද.....? ඔයා.. ? " " නම කිව්වට ඔයා දන්නැ...!! " I Saw Your Eyes Near My Death..... & I Love You Beyond My Death..... Start :- 2023.03.05 End :- 2023.06.08 Boy × Girl A Story By Ayo