ඕෂදට වගේම රනුකට සමුදුන්න තුරුමි හෝල් එකෙන් එළියට ආවා. තුරුමි ඉක්මනින් එයාලා වාහනේ නවත්තපු තැනට ගියත් එතන තරැණයා..... ගීත්ම හිටියේ නැහැ. තුරුමි එයා අතේ තිබුන කී එක අරගෙන ඩ්‍රයිවින් ශිට් එකට නැග්ගා. කොහොමත් තරැණයා දැන්ම එයා ඉස්සරහට එන එකක් නැති වෙයි කියලා තුරුමිට හිතුනා. තුරුමි එයාට පුලුවන් වේගයකින් ඩ්‍රයිව් කරගෙන බංගලාවට ආවා. වෙහිකල් එකෙන් බැහැලා ආව තුරුමි එක පාරම නැවතුනේ හවස එයා හිටවපු රෝස පැළ ගාව.
තරැණයා හිටියේ අත් දෙකත් සාක්කුවල රදවගෙන මැළවිලා තිබුන රෝස මලක් දිහා බලාගෙන.
" මාව දාලා ඇවිල්ලා මෙතන ඔයා රෝස මලක් දිහා බලන් ඉන්නවද...? "
තුරුමිගේ හඬින් තරැණයා හැරිලා එයා දිහා බලද්දි තුරුමි කෙලින්ම තරැණයගේ තුරුලට ගියා. තරැණයාගේ උරහිස් වටෙන් අත් යවාගත්ත තුරුමි ඒ පපුවේ උණුහුමට ඔලුව හිර කරගත්තා.
" හොඳ වේලාවට ඔයාට මතක නෑ.."
තුරුමි හිමින් මිමිණුවා. එයාට මේ තරම් වේදනාවක් දැනෙන ඒ මතක තරැණයාගෙන් ගිලිහිලා තියන එක ගැන තුරුමි සතුටු වුනා. එයා අඩලා තියන විත්තිය පැහැදිලි කරන්න තුරුමිගේ නහය තතු කියද්දි තරැණයාගේ මුහුණ හිනාවකින් හැඩ වුනා.
" ච්හ්... හොටු ගානවද ඔය...!!! "
" යූ...... ඊවල්.. බෑඩ් ග්‍රීම් රිපර්....."
" තැන්ක්ස් ඩාලිං......!! "
තුරුමි බොරැවට මුණ පුම්බගෙන කියද්දි තරැණයා දඟකාර හිනාවක් එක්ක තුරුමිට වින්ක් කලා. තරැණයාගෙන් කිසිම දෙයක් අහන්නවත්.. කියන්නවත් උවමනාවක් නොතිබුන තුරුමි එයා එක්ක බංගලාව ඇතුළට ගියා. රෑ කෑම ප්‍රතික්ෂේප කරපු තුරුමි තරැණයාවත් ඇදගෙන එයාගේ රෑම් එකට ගියා. තරැණයාගේ අත අත්ඇරලා බෙඩ් එකට ගොඩවුන තුරුමි තරැණයාට එයාගේ අනික් පස පෙන්වමින් ඇස්වලින් කතා කලා. තරැණයාගේ මුහුණ හිනාවකින් බර වුනා.
" ඔහොම ගිහින් නම් මං නැතුව නින්ද යන එකක්ම නෑ ඩාලිං....!! "
YOU ARE READING
MR.GRIM REAPER || SINHALA || COMPLETED
Short Story" ක...කවුද.....? ඔයා.. ? " " නම කිව්වට ඔයා දන්නැ...!! " I Saw Your Eyes Near My Death..... & I Love You Beyond My Death..... Start :- 2023.03.05 End :- 2023.06.08 Boy × Girl A Story By Ayo