Next day morning .
Yn හෙමින් සැරේ ඇස් ඇරලා බැලුවේ එයාගෙ ඇඟට බර ගතියක් දැනුණු නිසා . Yn ඇස් ඇරියට පස්සේ දැක්කේ taehyung ඇයගේ ඇඟට අතක් සහ කකුලක් දාගෙන නිදියන් ඉන්න වීදිය .
නිදාගෙන ඉද්දිනම් හරිම හුරතල් එත් ඇහැරීලා ඉන්නකොට යම රජුත් පරාදයි .
Yn එසේ කියා taehyungව ඇයගේ ඇගෙන් ඉවත් කර bathroom එකට ගියා . ගිහින් විනාඩි දහයකින් විතර ඇය ඇවිත් පල්ලේහට ගියේ දැනුණු කම්මැලි ගතිය නිසයි .
Yn පඩිපෙළ බහිනද්දී කුස්සියේ සද්දයක් ඇහුණා ඉතින් yn කුස්සියට ගියා .
Yn කුස්සිය ගියාට පස්සේ දැක්කෙ mira තනියම කොන්දටත් අතක් තියාගෙන කෑම හදන වීදිය .
දෙවියනේ ඔන්නි ඔයාට ඔහොම මහන්සි වෙන්න හොඳ නැහැ .
Yn එසේ කියා mira ගාවට ගියා . Mira සිනාසී yn දෙස බැලුවා .
මම තමයි හැමදාම මේවා කරන්නේ මට එක මහන්සියක් නෙවෙයි පැටියෝ.
Mira ynගෙ හිස අත ගෑවා .
ඔයාට මහන්සි නැති වුණාට මගේ පුංචි පැටියාට එක හොඳ නැහැ .
Yn miraගෙ පොඩ්ඩක් ලොකුවෙලා තියෙන බන්ඩියට අත තියෙන ගමන් කීවා .
ඔයාගේ පැටියා .
Mira ඇහුවේ yn මගේ පැටියා කියලා කියපු නිසා .
ඔව් මොකද දැන් මෙයාව මටත් අයිතියි මොකද මමනේ මෙයාගෙ නපුරු බාප්පගේ wife.
Yn එසේ කීවා .
Miraට එක්වර හිනා ගියා .
නපුරු බාප්පා කියන්නේ අපේ taehyungට ද?.
හ්හ්හ් ඔව් එයාගෙ පුදුම නපුරු කමක්නේ තියෙන්නේ ඔන්නි.
එයා එහෙම තමයි yn එ එයාගෙ හැටි ටික කාලයක් යද්දී ඕවා හරියයි .
Mira ynගෙ හිස පිරිමදිමින් කීවා .
හරි හරි ඒවා වැඩක් නැහැ ඔන්නි ගිහින් වාඩි වෙලා ඉන්න මම උයන්නම්.
ඔයාට පුළුවන්ද උයන්න .
Mira පුදුමෙන් ඇසුවා .
යායා.. ඔන්නි ඔයා හිතුවේ මම මුකුත් කරන්න බැරි කෙල්ලෙක් කියලාද ?.
Yn බොරු කේන්තියක් අරගෙන miraගෙන් ඇසුවා .
අනේ නැහැ මම දන්නවා මගේ ynට හැමදේම කරන්න පුළුවන් කියලා . ඔයා උයන්න පැටියෝ මම ගිහින් jimin oppaව ඇහැරගෙන එන්නම් හරිද .
හරි.
Mira ගියාට පස්සේ yn ඉක්මනට උයන්න ගත්තා . විනාඩි විස්සකින් විතර yn උයලා ඉවර වුනා . මොකද mira එ වෙනකොටත් ගොඩක් දුරට උයලා තුබුණේ .
Yn ඔක්කොම කෑම මේසයට ඇරලා බලාගෙන හිටියේ කට්ටිය කන්න එනකම් .
විනාඩි පහකින් විතර taehyung එයාලගේ කාමරේන් එළියට ඇවිත් පඩිපෙළ බහිද්දීම jimin වගේම miraත් ඔවුන්ගේ කාමරයෙන් එළියට ආවා .
කට්ටියම ඇවිත් කෑම මේසයේන් වාඩි වුණා .
Good morning taehyung .
Jimin taehyungට කීවා .
Good morning jiminනා.
Taehyung අපිට කිවා .
කොහොමද උඹට හොඳට නින්ද ගියාද ඊයේ රෑ .
Jimin අමුතු හිනාවකින් මුහුණ සරසා taehyungගෙන් ඇසුවා .
මට ඊයේ විතරක් නෙවෙයි හැමදාම රෑට හොඳට නින්ද යනවා jimin .
Taehyung jiminට රවමින් කීවා .
නැහැ ඉතින් ඊයේ රෑ විශේෂයිනේ එකයි~~~.
Jimin ඔය කතාව නවත්තන්න දැන් taehyung ඔයා කන්න .
Mira එසේ කීවා . මොකද mira දන්නවා මේ කතාව දිගටම ගියොත් taehyung කන්නේ නැතුව නැගිටලා යනවා කියලා .
කට්ටිය කෑම කන්න පටන් ගත්තා . එත් තවමත් yn හිටගෙන හිටියේ .
Taehyung එකවර yn දෙස බැලුවා .
තමුන්ට කන්න මම දැන් බුලත් දෙන්න ඕනේද yn. වාඩි වෙලා කනවා .
Taehyung එසේ කිව්වට පස්සේ yn ඉක්මනට වාඩි වුනා.
අද කෑම අමුතුයි .
Taehyung කීවා .
අමුතුයි .
Mira taehyungගෙන් ඇසුවා .
නැහැ මම කිව්වේ අද කෑම වෙන රසක් එකයි .
Taehyung කීවා .
ඔව් මටත් එහෙමම දැනෙනවා .
ඇයි ඔය රසට අසා නැද්ද ඔයා .
Mira taehyungගෙන් ඇසුවා .
ඇත්තම කියනවනම් නුනා වෙනදාට වඩා කෑම ගොඩක් රසයි එ නිසා මම මේ රසට කැමතියි .
Taehyung එසේ කීවා .
කොහොමත් ඔයා ඔය රසට කැමති වෙන්න ඕනේ taehyung මොකද ඕවා හැදුවේ ඔයාගේ wifeනේ.
කැහැ කැහැ~~~~.
එකපාර කෙනෙකුට කෑම හිරවුණා .
.
.
.
.
.
.
.
.
.
සොඳුරු වදනක් මම නුඹට කියන්නද?
එය තමයි මම නුඹට
ආදරෙයි ~~.
YOU ARE READING
The worst mafia
Romanceආදරය කියන්නේ විඳින දෙයක් නිසක් විඳවන දෙයක් නොවේ . ඔහු ආදරය කරේ ඇගේ අහිංසක කමට . ඇය ආදරය කරේ ඔහුගේ නපුරු කමට . taehyung & yn Mafia love story