Part 16

85 12 20
                                    

( A/N- කතාව මතක නැත්තන් 15 වෙනි කොටස කියවලා මෙතනට පැමිණෙන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා 😁)

ඔන්නි මට බයයි .

Yn miraගෙ අත තද කර අල්ලමින් කීවා .

බය වෙන්න එපා පැටියෝ මම ඉන්නවානේ.

Mira ynගෙ ඔළුව සෙමින් පිරිමදිමින් කිවා.

Yn මේ බය වෙලා ඉන්නේ මිදුලේ නවත්තලා තියෙන taehyungගෙ කාර් එක දැකලයි.

එන්න අපි ඇතුලට යමු.

Mira ynගෙ අතින් අල්ලාගෙන ගේ ඇතුලට ගියා.

ඕඕ ඔයාලා ආවාද?.

Jimin ඔහුගේ කාමරයෙන් එලියට එන ගමන් ඇසුවා.

ඔව්. ඔයා මේ කොහේ යන්නද jimin .

Mira jiminගෙ දෙපතුලේ සිට හිස දක්වා ඇයගේ ඇස් අරගෙන යමින් ඇසුවා.

අද රෑට පොඩි මිෂන් එකක් තියෙනවා.

Jimin miraගෙ දෑස් දෙස කෙලින් බලා කිවා.

Jimin මම ඔයාට කිවුවා ඔය වැඩ වලින් ඈත්~~~~

Mira ඇති දැන් මම කැමති නැහැ ඔයත් එක්ක බොරුවට රන්ඩු වෙන්න දැන්.

Mira කියන්න ගියපු දේ නවත්වපු jimin එසේ කිවා.

"Yn කාමරේට එනවා මේ දැන්ම."

Jiminගෙයි miraගෙයි කතාවට සවන්දීගෙන සිටී yn එකවර උඩු මහල දෙස බැලුවේ කව්ද ඇයට කතා කරේ කියලා බැලීමටයි . එවිට ඇය දුටුවේ taehyungගෙ තියුණු ඇස් ඇය දෙසට යොමුවී තිබෙන අයුරුයි.

මම කියපුදේ ඇහුනද මේ දැන්ම කාමරේට එනවා.

නැවත වතාවක් ynට කෑ ගැසූ taehyung ඔවුන්ගේ කාමරයට ගියා.

Yn හෙමිහිට පඩිපෙළ නැග taehyungගෙ සහ ඇයගේ කාමරයට ගියා.

Yn කාමරයට ගොඩවී දොර වසනකම් බලා සිටී taehyung එකවර ඇයගේ අතින් ඇද ලග තිබූ බිත්තියටත් ඔහුටත් මැදි වෙන විදියට ynව තියා ගත්තා.

මම නැති දවස් ටිකේ තමුන් සතුටින් හිටියද ම්ම්ම්.

Taehyung ynගෙ කනට ලන්වී ඒ කන් පෙත්තේ ඔහුගේ තොල් ගෑවෙන නොගෑවෙන සේ ynගෙන් ඇසුවා.

මම ප්‍රශ්නයක් ඇහුවා මට ඒකට උත්තරයක් ඔනේ yn.

නැහැ මම සතුටින් නෙවෙයි හිටියේ.

Yn එසේ කිවා.

ඕඕඕ ඒ කියන්නේ මගේ wife මම නැතුව පාළුවෙන්ද හිටියේ ම්ම්ම්~~.

Taehyung එසේ ynගෙන් ඇසුවත් ඇය නිහඩවම හිටියා.

කමක් නැහැ දැන් ඒකට උත්තර නොදුන්නට. හැබැ‍යි මම මේ යන ගමන ගිහින් ආවට පස්සේ මට ඒකට උත්තරයක් ඔනේ තෙරුනාද?.

ඔව්.

Ynගෙන් ලැබුනු පිලිතුරට කට කොනකින් හිනාවුනු taehyung ඔවුන්ගේ කාමරයේන් පිටව ගියා.

_________________________________

අප්ප හිතනවාද V එතනට එයි කියලා.

තරුණයෙක් මදක් මහළු පෙනුමක් තියෙන කෙනෙක්ගෙන් එසේ ඇසුවා.

ඔව් ඌ අනිවාර්යයෙන්ම එනවා. මොකද ඒක ලොකු නැවක් ඒ නැවේ පුරෝලා තියෙන්නේ එක එක ජාතියේ තුවක්කු ඉතින් ඌ වගේ එකෙක් එහෙම ලේසියෙන් ඒ වගේ දේවල් නැති කරගන්නේ නැහැ.

මහළු තැනැත්තා තරුණයාට කීවා .

එතකොට මම මොනාද කරන්න ඔනේ අප්පා.

මම කරා වගේ ඊළඟ mafia kingගේ queenව හොරකම් කරපන්.

එසේ කියා මහළු තැනැත්තා ඉඳගෙන සිටි තැනින් නැගිට තරුණයා ලඟට ගියා .

ඒ වගේම මතක තියා ගනින් ඒ තමයි උඹේ ඔම්මගේ පලවෙනි දරුවා kim taehyung කියන එකත් .

එසේ කියූ මහළු තැනැත්තා තරුණයාව තනිකර එතනින් පිටව ගියා.
.
.
.
.
.
.
.
.
.
.
මුලින්ම සමාවෙන්න කතාව දෙන්න පරක්කු වුනාට .

මට මේ දවස් වල වෙලාවක් තිබ්බේ නැහැ කතාව දෙන්න. ඉටත් වැඩිය මට කතාව ලියන්න කම්මැලි හිතුනා.

මොකද මට කන්නත් කම්මැලි යාළුවෙක් හම්බ වුනානේ එයාගෙන් මටත් කම්මැලිකම බෝ වුනා. 😁

The worst mafiaWhere stories live. Discover now