yn බෑග් අස් කර කර ඉද්දී එයාට දැනුනා පුංචි පුංචි වතුර බිංදු එයාගෙ උරහිස් සිප ගන්නවා කියලා. ඉතින් එයා එයාගෙ ඔළුව උස්සලා බැලුවේ කොහෙන්ද වතුර බිංදු වැටෙන්නේ කියලා කෙල්ල ඔළුව උස්සපු ගමන්.ආආආආආආආආආ~~~~~~~~.
මහා හයියෙන් කෑගැසුවා.
ශ්ශ්ශ්ශ් කෑගහන්න එපා මේ මම.
කෙල්ල ඒ ඇහුනු කට හඩත් එක්ක බයට පියා ගත්ත ඇස් දෙකෙන් එක ඇහැක් ඇරලා බැලුවා.
මම taehyung ඔයා බය වුනාද?
ඔව් එතන හිටියේ taehyung එයා එලියට එද්දී කෙල්ල හිටියේ එයාලගේ රෙදි අස් කරන ගමන් ඒ නිසා කොල්ලා කෙල්ලට හොරෙන් ගිහින් කෙල්ලගේ පිටිපස්සේන් හිට ගත්තා. කොල්ලා හිටියේ නාලා ඒත් කොන්ඩෙ පිහිදලා නැතුව ඉතින් taehyungගෙ කොන්ඩේ තිබ්බ වතුර තමයි ynගෙ උරහිස් වලට වැටුනේ.
Yn taehyungගෙන් ටිකක් ඈත් වී පසෙකින් සිට ගත්තා.
ඔයා යන්න මම මේ ටික අස් කරන්නම්.
Taehyung ynට රෙදි ටික පෙන්වා කීවා.
එපා තව ටිකනේ තියෙන්නේ මම අස් කරන්නම්.
Yn හිස පහත් කරගෙන කීවා.
එහෙනම් අපි දෙන්නම එකතු වෙලා මේ ටික අස් කරමු.
Taehyung එසේ කියා බෑග් එක ගාවීන් වාඩී වුනා. Ynනුත් මුකුත් කියන්නේ නැතුව taehyungගෙ එහා පසින් වාඩී වුනා.
ඉතින් මම කැමතියි ඔයා ගැන දැන ගන්න yn අපි එහෙම වැඩිය දන්නේ නැහැනේ ඒ නිසා අපි අපිව අදුන ගමු මොකද අපි මැරෙනකම් එකටනේ ජීවත් වෙන්නේ.
Taehyung කෙල්ලගේ මූණ දෙස බලාගෙන එක හුස්මට ඒ සියල්ල කීවා.
ඔයාට මොනාද මගෙන් දැන ගන්න ඕනේ.
මට ඔයා ගැන ඔයාගේ පොඩි කාලේ ගැන දැන ගන්න ඕනේ.
Taehyung එසේ කීවා.
මට එහෙම ඔයාට කියන්න තරම් ලස්සන ලමා කාලයක් තිබ්බේ නැහැ taehyung . මගේ අප්පයි ඔම්මයි සල්ලී පස්සේ යද්දී මම මුලු ලමා කාලෙම ගෙවුවේ නැනීලා එක්ක . ඒගොල්ලොත් මට සැලකුවේ හොද විදියට නෙවෙයි පුංචි දේටත් එයාලා මට ගැහුවා බැන්නා. පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙද්දී මට එයාලා නැතුව වැඩක් තනියම කරගන්න පුළුවන් කාලේ වෙනකම් මම ගුටි කෑවා. ඒත් ඊට පස්සේ එයාලාව ඕනේ නැහැ කියලා අප්පා තීරනේ කරා මාව ගෙදර වැඩ කරන අයත් එක්ක තියන්න. ඔයා දන්නවාද taehyung ඊට පස්සේ ගෙවුනු ජීවිතේට මම වෛරය කරා මොකද මම ලොකු වෙද්දී ඔම්මයි අප්පයි එකතු වෙලා මාව හිර කරා ගෙදරටම ගෙදරටත් නෙවෙයි කාමරේකට මම මගේ කාමරෙන් එලියට ආවේ ඔම්මයි අප්පයි ගෙදර ඉන්න දවසට විතරයි ඒ දවස උදා වුනෙත් අවුරුද්දට දෙපාරක් තුන්පාරක් වගෙයි . මට ඕනේ වුනේ මගේ පවුල මගේ ගෙදර කියන අපායෙන් ඉක්මනට එලියට එන්න ඒ නිසා තමයි මම ඔයාව බැන්දේ ඒ අපායෙන් එලියට එන්න ඒත් මම ඇවිත් නැවතුනෙත්.
" ඒ වගේම තවත් අපායකයි"
ඒ වචන ටික ynගෙ කටින් එලියට එද්දී taehyungට දැනුනේ කිසිම හැගීමක් දැනීමක් නැති ඔහුගේ හදවතට කවුරුන්හෝ පිහියකින් ඇන්නා වගේ හැගීමක් .
.
.
.
.
.
.
.
."ජීවිතේ එක තැනක් එනවා ඉවසලා ඉවසලා අපිට
ඉවසන්න බැරිම වෙන.
ඒත් එතනදීත් ඉවසන්න එතකොට අපේ අනාගතය
ලස්සන වෙයි ගොඩාක් ."ඔයාලට මේ නිසදැස මතක ඇති මොකද මම මේ නිසදැසම තමයි කලින් කොටසේත් දැම්මේ. මම මේක දාලා පැය දෙකක් යන්න කලින් මට අහන්න ලැබුනේ මගේ පුංචි සුරදූතයා මගෙන් ඈතට ගිහිල්ලා කියලයි.
Moonbin කියන සුරදූතයාට ඉවසන්න බැරිම වෙන්න ඇති. ඒකයි එයා අපිව දාලා අහසේ තරුවක් වුනේ.
ඒත් එයා පොඩ්ඩක් හරි ඉවසුවානම් අද එයා නිසා හඩන මිනිස්සුන්ගේ මූණවල් වල එයා නිසා සතුට විතරක්ම තියෙන්න තිබ්බා.
ස්තූති moonbin ඔයා නිසා තමයි මට BTS ලව හම්බුනේ. ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න.
හැම දේටම විසදුම ජිවිතේ නැති කර ගන්න එක නෙවෙයි කියලා මගේ පැටවු ටික මතක තියා ගන්න හරිද?.
YOU ARE READING
The worst mafia
Romanceආදරය කියන්නේ විඳින දෙයක් නිසක් විඳවන දෙයක් නොවේ . ඔහු ආදරය කරේ ඇගේ අහිංසක කමට . ඇය ආදරය කරේ ඔහුගේ නපුරු කමට . taehyung & yn Mafia love story