❗.සිව්වන හදගැස්ම

1.1K 200 11
                                    

නොන්ඩි කොට කොටා බඩුත් උස්සන් පන්ඩිතය වගෙ වාහනෙන් බැහැගත්ත මම කොර ඇන ඇනම ගෙදර දොර ගාවට යන්න ගිය උනත්........

කවුරු හරි ඇවිල්ල මගෙ උරිස්සට අත තිබ්බා..

එ වෙන කවුරුත් නෙවෙ ශේන්ගෙ යාලුව කියලා එයා ලගින් කලින් ඉදන්ම ආව සැරම සැර සෙන්ට් සුවදින් මම තේරුන් ගත්තා..

අතෙ තිබ්බ බඩු මල්ලයි බෑග් එකයි උදුරල වගෙ ගත්ත එයා ඊගාව පාර ඒ සේරම ශේන්ගෙ අතට දීලා මා දිහාවට හැරුනා..

එයා මෙච්චර වෙල දාන් උන්න අව් කන්නාඩි දෙක ගැලෙව්වා....

ඒ ඇස්..........

ජිවිතේ පලවෙනිම පාරටදො මන්දා මම එ ඇස් වලට ගැස්සුනා.. ගැස්සුනා කීවට එහෙමමත් නෑ... බයක් දැනුනා.. හිනි දිගටි ඇස් කොට ඇහි පිහාටු ඝනම ඝන ඇහිබැමි... ඇත්තටම එ ඇස් කැතයි... ලස්සන දිග ඇහි පිහාටු රව්න් බෝල ඇස් නෙවෙ එයාට තිබ්බෙ කහ ගැහුන ඇස් දෙකක්... කැතයි කියල හිතුන නිසාමද මන්ද ඒව හරි විශේශයි වගෙ මට දැනුන..

මන් ඉන්නෙ තාමත් එ ඇස් දිහා බලන්... නුවර පැත්තටම අද මන්දාරම... වටින් ගොඩින් එන්නෙම සීතල හුලග... ලාවට වැටෙන හිරි කඩේ අස්සෙන් ඒ ඇසුත් මගෙ කන්නාඩි අස්සෙ හැන්ගුන ඇස් දිහාම බලන් හිටියා...

එ මම කෙනෙක් දිහා බලන් හිටපු වැඩිම වෙලාවදො මන්දා...

ක්‍රහ්හ්ම්.......!.. අයා..

ශේන්ගෙ කටහඩ එක්ක මම එ ඇස් වලින් ගැලවිල බිම බලාගත්තා... දැන් මට ලැජ්ජයි.. ආයි එය දිහා බලන්නත්...ඒත් එය ඊගාව තත්ත්පරෙ කරේ මාව වෙව්ලලාම යන දෙයක්.....

උරහිස උඩ තිබ්බ අත මගෙ අතෙ මැනික් කටුව ගාවට ගෙනත් මාව එය එයගෙ ඇගට ඇදල අරගත්තා.. එයට වඩා ශරීරෙන් පුන්චි උන මම ගැස්සිල ගිහින් එ ගලක් වගෙ තිබ්බ පපුවෙ වැදුනා....

එයා....... රස්නෙයි.......

වැහි සීතල නිසාදො මොන හේතුවක් නිසාදො මාව ලගට ඇදල ගත්ත මේ නමක්වත් නොදන්න ආගන්තුකයා ගාව මට හරි සනීප රස්නයක් දැනුනා.. ඒත් එක තත්තපරයක් යන්නත් කලින් එයාගෙ අනිත් අත මගෙ හිනි ඉන වටෙන් එතුනා...

ඒ අත්... යකඩ වගෙ.. අල්ලල ඇගට තද කරගත්ත පාරට මන් පොඩ්ඩක් ඇබරුනා.. ඇත්තටම හයියයි.. මට පොඩ්ඩක් විතර ඒ අල්ලන් ඉන්න තැනත් රිදුම් දෙන්න ගත්තා.. මන් දැන් ඉන්නෙ ඒ රස්නෙ පපුව අස්සෙ..

❗ස්පන්දන❗( yizhan )  Complete Where stories live. Discover now