පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුගක් අය මගෙ පස්සෙ එනව
තනිව ආ ගිය මගේ...
කවමදාවත් මගෙ බර උබේ
කරේ තිබ්බෙ නැ පුතේ..
හුගක් බර නම් බිමින් තියපන්
රිදෙනව ඇති අත් නුබේ...කන්ද පාමුල සොහොන හුරු නැ
දන්නවා මන් මයෙ පුතේ..
මගෙ තනියට තවත් අය ඇති
අදුර ගන්නම් හෙට උදේ..
සොබා දහමට අවනතයි මන්
ඉතින් යන්නම් ගොම්මනේ...ඉතින් එයා යනවා..
අම්ම තාත්ත දෙන්නටම උන්න තාත්තෙක්ගෙ බර කරට ගත්ත එයා..
ගාමන්ට් ගානෙ ගිහින් අපිව ස්කෝලෙ යවන්න නැහුන නැහිල්ල
ඩස්ට් එක ගිහින් ගිහින් ෆැක්ට්රියටම දිය වෙල අවසානෙ ඒ රස්සාවෙන්ම ලෙඩෙත් හදාගත්තා...
හැමදේම අපි නිසානෙ...
අම්මගෙ අප්පගෙ දෙන්නගෙම දරදිය එයාටම අදින්න උන නිසයි මයෙ පනට මාව දාල ඉක්මනින් යන්න උනෙ...
උබ මට මගෙ ගෙදරට තාත්තෙක්..
හැම බරම කර පිටින් ඇද්ද යෝධ ගැහැනියක්...
ආයම මෙ ආගිය පාරවල උබ එන යන එකක් නැ මයෙ අම්මා...
ආයම ඉස්සර වගෙ දොර රෙද්දෙන් අත පිහ දානවට මගෙ පිට රත් කරන්න උබ කුස්සියෙ ඉදන් කෑ ගහගෙන එන එකක් නැ...
ආයම මට බත් කටක් කවාගන්න උබ ඉන්න එකක් නැ...
මන් කන්නැ ඕව උබම කාපන් කියල උබෙ පන්ගුවත් අක්කට හොරා මට උද්දන්න උබ ඉන්න එකක් නැ..
ආයම මන් වැඩ ඇරිල එනකල් එකතැන්වෙල ඉදන් හරි මග බලන් ඉන්න උබ ඉන්න එකක් නැ....
උබ නැති වෙනව කියන දෙ මෙ හිත කලින් ඉදන්ම දන්නව උනත්..
උබ නැතිව ඉන්න විදිය මෙ හිත දන්නෑ අම්මා....
හැබැයි මේකයි ලෝක සොබාවය ..
ඉතින් උබ අවනත නම්...
උබෙ පුතා උන මමත් අවනත වෙන්නම්..
යන තැනක පරිස්සමින් ඉදින්...වල හතර කොන මුනින් අතගැහුව තැබිලි ගෙඩි ලගින් පහන් හතර පත්තු උනා... අලුත්ම මල් වලින් හැදුව මල් වඩම් දෙකක් වල.ඉස්සරහින් හිට්ටවල ඉන්නකොට මෙච්චර වෙල මගෙ කරට දැනුන අම්මගෙ බර නිදහස් උනා...!
YOU ARE READING
❗ස්පන්දන❗( yizhan ) Complete
Fanfiction" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....