නැ....නැ... අම්මා...අම්මා....ඇස් අරින්න අම්මා....මෙච්චර වෙලා මාව තුරුල් කරන් ඉදල දැන් ඇයි මෙ.. දැන් ඇයි මෙ මාව අත ඇරල.. අම්මේ....අම්මේ..... අම්..මේ....අ..ම්මේ.... අම්මෙ අනෙ දෙයියො ඇස් පියවන්න එපා මගෙ අම්මේ... අනෙ කතා කරන්නකො දෙයියනේ.... අනෙ...වෙලාව හවස දෙක පහුවෙලා විනාඩි හතලිහල් ගෙවිල ගිහින් තිබුනා... එයාගෙන් කවදාවත් නැතුව ආව අමුතු කෙදිරුම නිස තද නින්දෙ හිටිය මාව ගැස්සිල ඇහැරුනා... මුලු දවල් වරුවක් ඒ අත තිබ්බෙ මගෙ කෙස් අස්සෙම උනත් කෙදිරි ගානකොට මගෙ එක කෙස් අහුරක් ඒ අත් වලට ගුලිවෙල තැනදි මාව ගැස්සුනා... කෙස් අහුරක් තද කරන් උන්න ඒ අත මන් ඇස් අරිද්දි නිකම්ම ඇද උඩට වැටිල තිබුනා.... කටත් ඇරිල ඇසුත් බාගෙට ඇරිල උන්න අම්මව එක පාර නිදි බර ඇස් වලින් දකිද්දි මාව බය උනා....
අමාරුවෙන් අමාරුවෙන් හුස්ම එකතු කරන එයාව හොල්ල හොල්ල කත කරත් මගෙ අම්මා කරෙ කලු ඉන්ගිරියාව යට ගිහින් සුදු ඉන්ගිරියාව විතරක් ඉතුරු උන ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක් වගෙ ලොකු කරන් වහල දිහ බලන් හුස්ම ගන්නම දැගලුව එක විතරක් වෙද්දි මාව වෙව්ලල ගියා...
නැ නැ.... ඒක නම් වෙන්න එපා දෙයියනෙ නැ මගෙ අම්මට මෙහෙම යන්න බැ අයිය... අනෙ අයියෙ...
මට එයාව මතක් උනා...මට මෙවෙලෙ මතක් උනෙ එයාවම විතරක් වෙද්දි.. වෙව්ල වෙව්ල අම්මව හොලව හොලව උන්න මන් සියපාරක් අත පත ගාලා ෆෝන් එක අතට ගත්ත...මගෙ තිගැස්ම කොච්චරද කියනව නම් පලවෙනි වතාවෙම ෆෝන් එක ටච් කරන්නත් කලින් බිමට වැටෙද්දි මම බිම ඉදගෙනම එයාට කෝල් කරා....
අනෙ ගනින් රත්තරන් මට මෙවෙලෙ උබව ඔනිමයි...
නැ දෙයියනෙ නැ... එ ෆොන් එක ඕෆ් ඒක ඕෆ් දෙයියනෙ ඒක ඕෆ්...
ශේන්.... ඔව්... ශේන්ට ගත්තොත්..
මට තිබ්බ හදිසියට අම්මගෙ අත් දෙකම මගෙ තනි අතකට තදින් අල්ලන් ශේන්ගෙ නම්බර් එක හොයන් එයාටත් කෝල් ගත්ත..
ෆොන් එක වැඩ.... අනෙ ආන්ස කරන්න... ආන්ස කරන්න ආන්ස කරන්න... අනෙ නැනෙ දෙයියනෙ... නැ ඒත් නැ... ආන්ස කරන්නැ..අහ් නැ ආන්ස කරා එයා ආන්ස කර...
YOU ARE READING
❗ස්පන්දන❗( yizhan ) Complete
Fanfiction" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....